💚 Chapter 14 💚

1.1K 203 56
                                    

ටේගෙ අම්මගෙ කතාව ඇහුණු ගමන් අපි හැමෝම දිව්වෙ හොස්පිටල් එකට. අපි යනකොටත් කුකී හිටියෙ සිහි නැතිව. ටේ කුකීගෙ හ්යුන් හෝසොක්ව කන්ටැක්ට් කරගන්න හැදුවත් එයාගෙ ෆෝන් එක ඕෆ්. ඒ අස්සෙ රෝස් පැත්තකට වෙලා බිම වාඩි වෙලා හොඳටම අඬනවා. මන් රෝස් ළඟට ගිහින් එයාගෙ ඔළුව මගේ උරහිස උඩින් තියාගෙන රෝස්ව සනසන්න උත්සාහ කරා.

" අචී ... මගේ කුකී............. අනේ එයාට මොනවහරි වුනොත් ....අනේ එයාව හොඳ කරලා දෙන්න. "

" මේ අහන්න රෝස් බය වෙන්න එපා. අපි හැමෝම ඉන්නවනේ. කුකීට මුකුත් වෙන්නෑ හරිද. "

රෝස් අඬලා අඬලම එයාගෙ ඇස් හොඳටම ඉදිමිලා ඇස් දෙක ඇරගෙන ඉන්නවත් බැරි තරමටම. මම රෝස්ව වත්තම් කරගෙන නැගිටලා ඇවිත් එයාව පුටුවකින් වාඩි කරේ එයා තාමත් බිම වාඩි වෙලා ඔහේ බලාගෙන ඉන්න නිසා. කුකීට තාමත් සිහිය නෑ. ඩොක්ටර් අපිට එයාට සිහිය එනකම් යන්න දෙන්න බෑ කිව්වා. කුකීට මොකද වුනේ කියලා කවුරුවත්ම දන්නෑ.

" අම්මා ඔයා කොහොමද දන්නේ කුකී හොස්පිට්ල් කියලා. "

ටේ එයාගෙ අම්මගෙන් ඒක ඇහුවෙ අපිට කුකී ගැන මුලින්ම කිව්වෙ ටේගෙ අම්මා නිසා. ටේගෙ අම්මටත් කෝල් කරලා කියලා තියෙන්නෙ කුකීව හොස්පිට්ල් ඇඩ්මීඩ් කරපු කෙනා. එයා තමා පාළු පාරක් ගාව කුකී සිහිනැතුව තුවාල වෙලා ඉන්නවා දැකලා හොස්පිට්ල් ඇඩ්මීට් කරලා තියෙන්නෙ. ඒත් එක්කම කුකීට ට්‍රීට්මන්ට් කරන රූම් එකෙන් ඩොක්ටර් එළියට එනවත් එක්කම අපි හැමෝම ගියේ ඩොක්ටර්ගෙන් කුකීට කොහොමද කියලා අහන්න.

" ඔයාලා එයාගෙ පවුලේ අයද. "

" ඔව් ඩොක්ටර්. කොහොමද දැන් එයාට."

" මෙහෙමයි මටත් ටිකක් හිතා ගන්න අමාරුයි මේක වුනේ කොහොමද කියලා. එයාගෙ ඇඟ පුරාම සීරීම් පාරවල් තියනවා. හරියට සතෙක් හූරලා වගේ. ඒත් බය වෙන්න දෙයක් නෑ. එයාට තව ටිකකින් සිහිය ඒවි. "

" Thank you doctor.. "

අපි හැමෝගෙම ඇඟට ලේ ටිකක් ඉනුවෙ දැන්. රෝසුත් ඒකෙන් ටිකක් සන්සුන් වුනා. ඩොක්ට⁣ර්ගෙ කතාවෙන් අපිට තේරුණා මේක වුල්ෆ් කෙනෙක්ගෙ වැඩක් කියලා. කුකීගෙ ඇඟේ සීරීම් සලකුණු තියන නිසා. මන් එවෙලේ හොස්පිට්ල් එකෙන් එළියට ආවෙ මට ෂනුවගෙන් කෝල් එකක් ආපු නිසා.

 - කෑකෝ ගෙදර with අයිතිකාරයා - (✓)Tempat cerita menjadi hidup. Temukan sekarang