💚 Chapter 9 💚

1.1K 219 26
                                    

ආාාාව් මගෙ ඔළුව...... 😖 මම ඇස් දෙක ඇරගන්න බැරුව විනාඩි දෙකක් විතර හිටියා. ටිකෙන් ටික මගෙ ඇස් එළියට හුරු වුනාම දැක්කෙ මම ඉන්නෙ අපේ ගෙදර නෙමේ කියලා. පොඩ්ඩක් වට පිට බැලුවම තමයි තේරුනේ මේ ජූන් ඔප්පලයි දිහා කියලා. මන් ඔළුව අත් දෙකෙන් බදන් කල්පනා කරේ මට මොකද වුණේ කියලා. ඔළුවට කවුරුහරි පොල්ලකින් ගහලා වගේ ඒ තරමටම රිදෙනවා. ඊටපස්සෙ මට සිහිය නැති වෙන්න කලින් වුණු හැම දෙයක්ම මගේ මතකෙට ආවෙ ෆිල්ම් එකක් වගේ. මීෂා ටේහ්යුන්ට කිස් එකක් දුන්න හැටි, ඒකට තරහ ගිහින් මගෙ අතින් වීදුරුව බිඳුණු හැටි, කුකී මට පර්ෆියුම් ගහපු හැටි, ටේ මගෙ ළඟට ඇවිත් හරි දරුණු විදියට මගෙන් මට පර්ෆියුම් ඇලජික්ද කියලා අහපු හැටි ඒ හැම දෙයක්ම මතක් වුණා. ඊටපස්සෙ වුණු කිසිම දෙයක් මට මතක නැත්තෙ ලේ දකිනකොට කවදත් මට සිහිය නැති වෙන නිසා.

" ආචියා ඔයා නැගිට්ටද. "

" ෂනුවා කෝ මගේ අලි පැටියා. "

" එයා ඉන්නවා මන් එක්කන් එන්නම්. "

මම නැගිටපු ගමන්ම මාව බලන්න ෂනූ ආවා. එයා අරෝවත් එක්කන් ආවෙ මන් අරෝව හොයපු නිසා. අරෝ මාව දැකපු ගමන් ඇවිත් මාව බදාගත්තා. යා මේකි හිතන් ඇත්තෙ මන් ඒකිගෙ කොට ජිමිනා කියලා.

" ඒයි අලි පැටියෝ එහාට පල. හරි බරයි බන් උඹ. මන් ඔයාට අලි පැටියා කියන්නෙ නිකම් නෙමේනෙ. "

මාව බදන් හිටිය අරෝගෙන් මට ලොකු ඉකියක් ඇහුණා. මගේ බෙල්ල ළඟ තෙත් වෙද්දියි මට තේරුණේ එයා හොඳටම ඉකි ගගහා අඬනවා කියලා. මන් අරෝව බදාගෙන ඉන්න අතරෙම ෂනූ දිහා බැලුවෙ ඇයි මෙයා අඬන්නෙ කියලා අහන්න. ඒත් එයත් ඔළුව වැනුවෙ දන්නෑ කියන්න වගේ.

" අරෝ මොකද අනේ අඬන්නෙ මාව බය කරන්න එපා. "

එයා මගේ උරහිසෙන් එයාගෙ බෙල්ල අරන් මගේ මූණ ඉස්සරහට ආවා. එයාගෙ ඒ රෝස කම්මුල් දිගේ තාම කඳුළු බේරෙනවා.

" අරෝ කියන්නකො ඇයි මේ. "

" මමනෙ ඒක අහන්න ඕන ඔයාගෙන්. ඔයා ඇයි මට කිසිම දෙයක් නොකියන්නෙ ආ. මම නෙමේද ඔයාගෙ හොඳම යාළුවා. ඇයි ඔයා මට කවදාවත් ඔයාගෙ අම්මා ගැන නොකීවේ. ලේ වලට බයයි කියලා දැනන් හිටියත් ඒ ඔයාගෙ අම්මගෙ ඇක්සිඩන්ට් එක නිසා කියලා දැනන් හිටියෙ නෑ. කොයි වෙලෙත් කච කච ගගා ඉන්න ඔයා හැමතිස්සෙම මේ විදියට එකපාරට සිහි නැති වෙලා ඉන්නකොට වෙලාවකට මට හිතෙනවා ආයෙ කවදාවත් ඔයා නැගිටින එකක් නෑ කියලා. ඇයි මාව විශ්වාස නැද්ද. කියනවා මට. "

 - කෑකෝ ගෙදර with අයිතිකාරයා - (✓)Where stories live. Discover now