💚 Chapter 12 💚

1.1K 204 80
                                    


ෂොප්  එක  ඉස්සරහින්  නැවැත්තුවෙ ලොකු  කළු  පාට  කාර්  එකක්.  ඒකෙන් බැහැලා  ආපු  හොඳ  හැඩි  දැඩි  සිරුරක්  තිබුණු  කළු  පාට  ඇඳුමක් ඇඳන්  ආපු  පිරිමි  කෙනා  කෙළින්ම ඇවිත්  වාඩි  වුණේ  රෂුයි  මායි වාඩිවෙලා  හිටිය  ටේබල්  එකෙන්. එයාව  මට  කොහෙදි  හරි  දැකලා පුරුදු  පෙනුමක්  තිබුණත්  මට  ඒ  කොහෙදිද  කියලා  මතකයක්  නෑ.

"  ඔයා  නේද  අචී   කියන්නෙ. "

මෙයා  මගෙ  නමත්  දන්නවනේ. 🤨

"  ඔව්  එතකොට  ඔයා.  "

"  මම  මින්සුක්.  මීෂාගෙ  අප්පා  😊  "

" ආ එහෙමද. මට ඔයාව ටිකක් දැකලා පුරුදුයි. 🤨 "

" හැබැයි මන් නම් ඔයාව අද දැක්කෙ. "

" එතකොට කොහොමද මගෙ නම දන්නෙ. "

" මීෂා තමා මට කිව්වෙ. "

එයා කාර් එක දිහාට අත දික් කරද්දි තමා මන් දැක්කෙ කාර් එක ඇතුළට වෙලා මට පුප්ප පුප්ප ඉන්න මීෂාව.

" ඔයා මොකකට හරි වුවමනාවකටද ආවෙ. "

" ආ නෑ මන් මේ නිකම් කතා කරන්න ආවෙ. එහෙනම් පුතා මන් යනවා. "

" හරි 😊 "

මීෂාගෙ අප්පටත් එයාට වගේම පිස්සු. මුකුත් කියන්නැතුවම ගියා. මමයි රෂුයි ටික වෙලාවක් එතනම ඉඳලා ආපහු ගෙදර ආවා. අපිට මගදි එන ගමන් යුන්ගි ඔප්පා හමුබුණා. පාප මිත්‍රයො කියන්නෙ මේන් මේ රෂ් වගේ අයට තමා හූම්. යුන්ගි ඔප්පා ඇවිදින්න කතා කරා මේ රෂ් මාවත් දාලා උඩ පැනගෙන ගියේ. මම ඉතින් තනියම ගෙදරට පයින් ගාට ගාට ගියා. මේ වෙලාවට තමා මට මගෙ නරි පැටියා මතක් වෙන්නෙ. එයා හිටියනම් කෙලින්ම ටෙලිපෝට් තමා.

හුවෑ ... අදත් වහිනවා.. මන් ළඟ කුඩයක්වත් නෑ. තාම මඟ. මහ හයියෙන් ගොරවා ගොරවා වහිනවා.

" ආාාාාව්....... 😖 "

මගෙ බඩ ළඟින් දැනිච්ච වේදනාව නිසා මට කෑගැස්සුණා. මන් බලද්දි මගෙ බඩ ළඟ මොකක් හරි තියුණු දෙයකින් හීරිලා ලේ එනවා. මගෙ ඇඳුමත් කැපිලා. මන් දැක්කෙ කළු පාට ඇඳුමක් ඇදන් කළු කැප් එකක් දාන් මගෙ දිහා අමුතු විදියට බලාගෙන දුවන මනුස්සයෙක්. එයාගෙ අතේ පොඩි පොකට් knife එකක් තිබුණා. ඒ වෙලාවෙ තමා තේරුණේ මට තුවාල වුණේ එයා නිසා කියලා. මම ආපහු මගෙ බඩ දිහා බලද්දි දැක්කෙ හරියටම මගෙ ඉනේ තියන සලකුණ ළඟ තිබුණු තුවාලෙන් එන ලේ. වැස්ස නිසා ලේ ගලන එක තවත් වැඩි වෙලා වගේ මට පෙනුණා. ඒත් එක්කම පුරුදු විදියටම මට ලේ විලක් මැද වැටිලා ඉන්න මගෙ ඔම්මව පෙනුණා. හැබැයි අද ටිකක් ඊට වඩා වෙනස්. මන් අද ඊට වඩා වැඩි දෙයක් දැක්කා. මගෙ ඔම්මා වැටිලා හිටිය ලේ විල මැද ඒ ළඟම තව පිරිමි කෙනෙක් හිටියා. මට එයාව දැකලා පුරුදු වගේ. මට එයාගෙ මූණ හරියට පෙනුණෙ නෑ. මන් ඒ මූණ මතක් කරගන්න හැදුවත් ඒකෙන් වුණේ මගෙ ඔළුව පුපුරන්න වගේ රිදෙන්න ගත්ත එක. අදත් වටේ හැම දෙයක්ම බොඳ වෙලා යද්දි මගෙ ඇස් දෙක පියවුණා.

 - කෑකෝ ගෙදර with අයිතිකාරයා - (✓)Where stories live. Discover now