💚 Chapter 7 💚

1.1K 226 117
                                    

මට කිසිම උත්තරයක් නොදීම එයා එයාගෙ ජැකට් එක ගලවලා මට ඇන්දෙව්වා. එයා මගෙ ළඟට එනකොට මට දැනුණෙ කලින් මම ටේහ්යුන්ට අර විදියට බැන්නට මම ඒ මොහොතට හුඟක් ආස කළා කියලා. ටේහ්යුන් ළඟ ඉන්නකොට මට දැනුණෙ මන් මගෙ අප්පා ළඟ ඉන්නවා වගේ හැඟීමක්. මට එයා ළඟින් දැනුණෙ මගෙ අප්පගෙ ළඟින් එන සුවඳ.

" අචී ඔයා වෘකයො ගැන මොනවද දන්නෙ. "

"වෘකයො කියන්නෙ අර නරි කියන අයටනේ.හූහූහූහූහූහූහූ..............ආාාාාහූහූහූහූහූහූ............ "

" ඒයි ඔය කට නවත්තනවා. "

එහෙම කියලා ටේහ්යුන් එයාගෙ අතින් මගෙ කට තද කරලා වැහුවා. වහපු පාරට මගෙ නාහෙත් හොඳටම තද වෙලා. මන් ඉතින් හවස තෙමු⁣ණනේ. ආයෙත් පාරක් හරි ඉතින්.

" හාාාාචුස්.....  "

" ඈක්කා බ්ලෑ...... "

මගේ කට වහන් හිටිය ටේගෙ අත පුරා මගේ හොටු 😂 විලි ලැජ්ජාවයි. ලැජ්ජ වෙනවා කියලා මන් මේ මනුස්පයා ඉස්සරහා මෙහෙමත් ලැජ්ජ ⁣වෙනවද මන් අහන්නෙ. කොල්ලගෙ අත පුරා මගෙ හොටු. ටැප් එක ළඟට ගිය ටේ දහ වතාවක් විතර අත හේදුවෙ මට හොඳටම බැන බැන. මොනා කරන්නද ඉතින් අපිත් මිනිස්සුනෙ. හචිම් යනවා හොටු එනවා ඉතින් 😂 ටේ අත හෝදන් එනකම් මන් බාත්රූම් එකෙන් එළියට ආවා. මන් ඉතින් ජූන් ඔප්පාගෙ ෆ්‍රිජ් එක දිහාට හැරුනෙ ඒක ඇතුළෙ තියන එක එක කෑම ජාති අනේ මාව ඇවිත් කන්න අචී කියලා අඬගහනවා වගේ ඇහුණු නිසා.  මන් ෆ්‍රිජ් එකෙන් ලොකු ඇපල් ගෙඩියක් අරන් පිටිපස්ස හැරෙනකොටම ටේහ්යුන් එතන හිටියා හරියට භූතයෙක් වගේ.

" අම්මෝ මනුස්සයො තා ටිකෙන් මගෙ හුස්මත් යනවා. "

" ආ මේක ඇඳ ගන්නවා. "

ටේහ්යුන් මගෙ දිහාවට බ්ලවුස් එකක් විසික් කරලා යන්න ගියේ මන් එයාට මුකුත් කියන්න කලින්මයි. දැන් මට තියෙන දැවෙන පස්නෙ මෙයාට කොහෙන්ද මගෙ මේ බ්ලවුස් එක. මේ විනාඩියට අපේ ගෙදර ගිහින් ආවද. ඒත් මන් එනකොට මෙයා හිටියෙ බාත්රූම් එකේනෙ. එතකොට ජූන් ඔප්පලයි බාත්රූම් එකෙන් අපේ කාමරේට රහස් පාරක්වත් තියනවද. මන් මගේ මොලේ කලම්බනය කරලා මේකට හේතුව හොයන අතරේ ආපහු ආව ටේහ්යුන් මගේ ඇගේ තිබ්බ එයාගෙ ජැකට් එක අරන් යන්න ගියා. මම ඉක්මනට බ්ලවුස් එක ඇඳන් සඳලයි ගෙදරට ගියේ යුන්ගි ඔප්පගෙන් සමාව ගන්න විදිය කන්නාඩිය ඉස්සරහ පස් වතාවක් විතර පුරුදු වෙලා. මන් යනකොට යුන්ගි ඔප්පා ඇදේ. ජින් ඔප්පා එයාගෙ ඔළුවට බෙහෙත් දානවා. ජූන් ඔප්පා නම් සඳගෙයි රෂ්ගෙයි පිටිපස්සෙ හැංගිලා ඉඳන් යුන්ගි ඔප්පා දිහා හොරෙන් බලන් ඉන්නවා. මාත් හෙන තඩි කෙළ ගුලියක් ගිලලා යුන්ගි ඔප්පා ළඟට ගියේ සමාව ගන්න බලාගෙන. ඒත් මාව දැක්ක ගමන් යුන්ගි ඔප්පා එයාගෙ අතේ තිබ්බ ජූන් ඔප්පගෙ ක්‍රිකට් බැට් එකත් අරන් ඇඳ උඩින් පැනලා ආවෙ මගෙ දිහාට.

 - කෑකෝ ගෙදර with අයිතිකාරයා - (✓)Where stories live. Discover now