11 කොටස

14 3 2
                                    

'අම්මා එහෙනම් මම ගිහින් එන්නම්..'

"පරිස්සමෙන් යන්න හරි.. ඔය වගේ එක එක ජරාව බීලා අහුවෙන්න එපා.. රෑ වෙලා ආපහු එන්න."

'හරි හරි අයියෝ.. මම වැඩි දුරක් යන්නෙ නෑනෙ අම්මා.. ශෙන්ලගෙ ගෙදර යන්නෙ.. අනික මම ගියපු නැති ගෙයක් නෙමෙයිනෙ.. හරි මම ගිහින් එන්නම්.. පරක්කු වෙනවා.. '

අම්මා කී පාරක් එකම දේ කිව්වද කියලා මට මතක නෑ.. සුනෙත් ​​මාව ගන්න පාරට එනවා කිව්ව නිසා එයාගෙන් බේරෙන්න පරක්කු වෙයි කියලා මම එතනින් ආවා.. මම එද්දිත් සුනෙත් ​ඇවිත් හිටියා... මම සුනෙත් එක්ක කෙලින්ම ආවේ ශේන්ලාගේ ගෙදරට. අපි ආපු ගමන් ශේන් ඉස්සරහට ඇවිත් අපිව පිළිගත්තා.

"Happy birthday Shen.. always be happy.. I wish that all the wishes in your heart will be successful as you wish.."

සුනෙතුයි මායි කතා වුන විදියටම එකටම එහෙම කියලා ශේන්ට ගෙනාපු තෑගිත් දීලා හග් එකකුත් දීලා ශේන් එක්කම ඇතුළට ගියා.. අපි එද්දිත් කට්ටිය ගොඩක් ඇවිත් හිටපු නිසා මමයු සුනෙතුයි අයිනකට වෙන්න තිබුන තියලා තිබුන ටේබල් එකකින් වාඩි වුනේ කොහොමත් වැඩිය මිනිස්සු ඉන්න තැන්වල ඉන්න අපි දෙන්නම අකමැති නිසා.. ටිකකින් අපි ඉන්න තැනට ඩ්‍රින්ක්ස් වගයක් අරන් ආව මනුස්සයෙක් ඒවා අපේ ටේබල් එකෙන් තියලා යන්න යද්දි අම්ම් එද්දිත් බොන්න එපා කියලා කිව්ව එක මට අමතක වෙලා ගියා.. ග්ලාස් එකකට ඩ්‍රින්ක්ස් පුරවගත්ත මං සුනෙත්ටත් ග්ලාස් එකක් පුරවලා දුන්නට පස්සෙ අපි දෙන්නම ගානක්වත් නැතුව ඒක බොන්න ගත්තා.. ටික වෙලාවක් යද්දි වේටර් ගෙනත් තිබ්බ බෝතල් දෙකා හිස් වෙද්දි සුනෙත්ටවත් මටවත් හරි සිහියක් නොතිබුනේ අපි කලින් ඩ්‍රින්ක්ස් අරන් තිබුනත් මේ තරම් නොගෙන තිබුන නිසා.. ඒත් එක්කම වගේ සෙනග අතරින් මට හුරු පුරුදු චායාරුවක් දැක්ක විතරයි මට ඉඳගෙන හිටපු තැනිනුත් හිට්ටවුනා.. මං එහෙම්මම සුනෙතයගෙ කොලර් එකේ පිටිපස්සෙන් අල්ලලා ඌවත් කෙලින් කරවලා ඌටත් ඒ පැත්ත පෙන්නුවා.. මං වගේම ඌත් දැක්ක දේ නිසා අපි දෙන්නගෙම වෙරි හිඳුනා..මං හිමීටම සුනෙත්ගෙ කනට ළං වුනා...

'අද නම් අපි ඉවරයි පුතෝ.. අන්තිම කැමැත්ත මොකද්ද කියපන්..'

"බය නොකර ඉඳපන් පගෝ.. පුරුෂ ශක්තිය අරන් වරෙන් යන්න.."

නුඹේ සිනා ළඟ💜️(sope)Where stories live. Discover now