4 කොටස

21 6 2
                                    

.......



දෙව්නිත් අයියා ගැස්සිලා හැරුන පාරට මං හිතුවෙ බෙල්ලෙ පොට යන්න ඇති කියලා..ඇයි යකෝ පුදුම බයවිල්ලක්නෙ ඒක..


'මොකද අනේ යකෙක් දැකලා වගේ..මේ මං....'


"ඔහොම කරනවද අනේ එක පාර... අනික ඉස්කෝලෙ ඇතුලෙ..කවුරුහරි දැක්කනම් එහෙම...ඇත්තමයි දෙන්න හිතයි දෙකක්..."


දෙව්නිත් අයියා හිනාවෙවී සද්දෙ දැම්මට කොල්ලා රතු වෙලා හිටියෙ.. තව උම්මා එකක් දෙන්න හිතෙනවා..හරි හුරතල් අප්පා...


'අනේ ඔයාගෙ තියෙන බය..කවුරුත් ඉන්නවනම් මං ඔයාට උම්මා දෙනවද..? පිස්සු කොල්ලා මගෙ..'


මං එහෙම කියලා එයාගෙ කම්මුලක් මිරිකද්දි මේකා තවත් රතු වුනා...

"එහාට වෙලා හිටපන්කො බන් මේ ඉස්කෝලෙ.. කවුරුහරි දැක්කනම් දෙන්නටම ඉන්න පුලුවන් ඔෆිස් එකට වෙලා..."


'හරි හරි අනේ..මං මේ උදේම මගෙ කොල්ලගෙ මූණ බලලා දවස පටන් ගන්න ආවෙ..'


"අම්මෝ බන් සිරාවටම සුනෙත් මල්ලි කිව්වෙ ඇත්ත නේද..? කියවන්න ගියාම බ්‍රේක් නෑ..."


'අනේ මේ කොල්ලෙක් වුනාම දඟලලා කරලා ඉන්න ඕනෙ අනේ..කෙල්ලො වගේ එක තැනකට වෙලා ඉන්න පුලුවන්ද...'

"හා හා.. අම්මේ ඔයාට ඕනෙ විදියකට ඉන්නකෝ..මං මොනාත් කියන්නෙ නෑ..."


එයා හිනාවුනා..අනේ ඒ හිනාව..මං මීට කලින් එයාගෙ මේ හිනාව කොහෙන්වත් දැකලා නෑ...


එතනට වෙලා කතා කර කර ඉඳලා ටිකකින් අපි දෙන්නම පන්තිවලට ගියා..අපි දෙන්නට හම්බෙන්න පුලුවන් වුනේ ඉස්කෝලෙන් විතරයි..එයා පුලුවන් හැම වෙලාවකම කෝල් කර කර කන්න, පාඩම් කරන්න කිය කිය හැමදේම මතක් කරා...


සති දෙකකින් ඉස්කෝලෙ කොන්සර්ට් එක.. සෙක්ෂන් එකකින් අයිටම් හතරක් ගානෙ ලෑස්ති කරලා තිබුනා.. කරුමෙක මහත කියන්නෙ සංගීත කරන උන් ඔක්කොම ඩ්‍රාමා එකකට හිරවෙලා ඉද්දි අන්තිමට ඉතුරු වුනේ මායි දෙව්නිත් අයියයි විතරයි.. සංගීත උගන්නන මිස් අපි දෙන්නට එන්න කියලා ඉංග්‍රීසි සින්දුවක් කියන්න කියද්දි මං බෑ කියන්න කට අරිනවත් එක්කම මේ කුපාඩියා හා මිස් කියලා උඩ පැනලා බාරගත්තෙ සින්දුව කියන්න...


නුඹේ සිනා ළඟ💜️(sope)Where stories live. Discover now