7 කොටස

15 3 1
                                    

'ම්හුක්...'

"ම්හුක් නෙමෙයි නැගිටින්න.. කාලා බීලා අසයිමන්ට් එක කම්ප්ලිට් කරන්න ඕනෙ.. අද කම්ප්ලිට් කරොත් හෙට නිකම් ඉන්න පුලුවන්.. නැත්තම් දෙන්නටම් එකතු වෙලා පේපර් සාකච්ඡා කරන්නත් පුලුවන්.කෝ කෝ ඉතින් නැගිටින්න..."

මේ මනුස්සයා ඊයෙ උදේ ඇහැරවපු එකේ පලිය ගන්නද මන්දා අද අටේ ඉඳන් ඇඳ වටේට මායම් වෙනවා මට නැගිටින්න කිය කිය..

'මොකද මනුස්සයො වෙලා තියෙන්නෙ.. පොඩ්ඩක් ඇස් දෙක අරිනකන්වත් හිටපන්කො ටිකක්..කියෝනවා කියෝනවා..ඇත්තමයි දෙන්නෙ උඹට පුප රත් වෙන්න...'

"මොනාද සුදූ කියන්නෙ..ආ..කට වැඩියි දැන්නම්..මටත් සද්දෙ දානවා නේහ්.. මං උඹට ඕවට පනිශ්මන්ට් දෙද්දි උඹට දරාගන්න අමාරු වෙයි..දැන් නැගිටලා මූණ හෝදගෙන එන්න..මේ තේ එක නිවෙනවා..."

මේ මනුස්සයගෙ අඳෝනාව අහගෙන ඉන්න බැරිම තැන මං ඇස් දෙක බාගෙට ඇරගෙන බිත්තියත් අල්ලගෙනම බාතෲම් එකට ගිහින් දොර වහගත්තා.. ශවර් එක යටට ගිහින් ශවර් එක ඇරපු ගමන් තිබුන නිදිමත උඩින් ගියා.. බුදුඅම්මෝ සීතල..සර්වාංගෙම හිරිවැටිලා ගියා..අම්මෝ...

කොහොම හරි වෙව්ල වෙව්ල නාගෙන ඉවර වෙලා වෙව්ල වෙව්ලම ඇඳුනුත් එතනින්ම ඇඳගෙන කාමරේට එද්දි මගෙ බෝයිෆ්‍රෙන්ඩ් ඉන්නවා ඇඳ උඩට වෙලා ෆෝන් එකට හිනාවෙවී ඉන්නවා.. මං ගිහින් එයාව දැක්කෙ නෑ වගේ තේ එකත් අරන් කෙලින්ම බැල්කනියට ගියා.. උදේට මෙතන ඉඳන් වටපිටාව බලද්දි හරිම ලස්සනයි..මං බැල්කනි වැට උඩින් තේ එක තියලා අත් දෙක එකට අතුල්ලලා මාවම උණුසුම් කරගන්න හදද්දි එයා සද්ද නොකර ඇවිත් මාව පිටිපස්සෙන් බදාගෙන බෙල්ලට හාදුවක් තිබ්බා...

"මොකෝ මේ..මගෙ සුදූට සීතලද..ම්ම්ම්?"

'අයියෙ අම්මලා දකී අනේ මොකද කර්න්නෙ...'


"අම්මලා ගෙදර නෑ..එයාලා උදේම අපේ ගමේ ගිහින් එන්න ගියා..එහෙ පින්කමක්..අයියත් ශොප් එකට ගියා..."


මං ඒ ගමන්ම පිටිපස්ස හැරිලා එයාගෙ බෙල්ල වටේ අත් දෙක බැඳගෙන තොල්වලට පොඩි පෙක් එකක් තිබ්බා.. එයත් හිනාවෙලා ඒ පෙක් එක ආයෙම දිග හාදුවක් කරන්න අමතක කරේ නෑ.. අයියලාගෙ ගෙදර වටේ තිබුන ගෙවල්වලට එයාලගෙ ගෙදර වෙන දේවල් පේන්නෙ නෑ..අනික අයියගෙ කාමරේ බැල්කනි එක තියෙන්නෙ පැත්තෙන් නිසා කොහොමත් අපි දෙන්නා මෙතන කරන දේවල් කාටවත් පේන්නෙ නෑ..ඉතින් අපි දෙන්නා අතර උණුසුම් හාදුව විනාඩි ගානක් තියෙන්න ඇති..මට මෙච්චර වෙලාම තිබුන සීතල කොහෙ ගියාද දන්නෙ නෑ.. අපි දෙන්නා විනාඩි ගානකට පස්සෙ අපේ තොල්වලින් ඈත් වෙලා පහළට ගියෙ කෑම කාලා ඉක්මනට අසයිමන්ට් එක කම්ප්ලිට් කරලා අපි දෙන්නා තනිවුන එකේ නිදහස සමරන්න..කවුරුත් නැති එකේ මගෙ බෝයිෆ්‍රෙන්ඩ්ට ඕනෙ වෙලා මගෙ අතින් බත් කන්න..ඉතින් අවසානෙ එයාගෙ ආසාව නිසාම වුනේ මං බෙදාගත්ත කෑම එක එයාට කවලා එයාගෙ කෑම එක මට කන්න..අපි දෙන්නා කියව කියව විනාඩි හතළිස් පහක් විතරම කෑම කෑවා..කාලා මිදුලෙ තිබුන කොන්ක්‍රීට් බෙන්ච් එකට ගිහින් එක විතර වෙනකන්ම අසයිමන්ට් එක කරලා ඒක ඉවරයක් කරලම දැම්මා.. අපෙ අම්මා කෝල් එකක් අරන් පැයක් විතරම කියවද්දි මං බලාගෙන මට අම්මා එක්ක කතා කරන්න කියපු එයා තනියම අසයිමන්ට් එකේ ලොකු කොටසක් ඉවර කරා..අසයිමන්ට් එක ඉවර කරපු අපි දෙන්නා දවල්ට කෑම කාලා ඉවර වෙලා මොකද කරන්නෙ කියලා කල්පනා කර කර ඉද්දි මට අදත් එයාගෙන් සින්දුවක් අහන්න හිතුනා..මං එයාට ඒක කිව්වම එයා ගේ ඇතුළට දුවගෙන ගිහින් එයාගෙ ගිටාර් එක අරන් ඇවිත් මගෙ ළඟටම වෙලා ඉඳගත්තා..අදත් එදා වගේම මගෙ මූණ දිහා බලාගෙන එයා සින්දුව කියන්න පටන් ගත්තා..අද එයා කිව්වෙ එයා වගේම මාත් ගොඩක් කැමති සින්දුවක්...




නුඹේ සිනා ළඟ💜️(sope)Where stories live. Discover now