ප්‍රතිපල පැමිණ මාසයකින් පමණ පසුව විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා කැදවූ අයදුම් පත් වලින් කන්සාය් හා අමායා දෙදෙනාම පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙ නීති පීටයේ අද්යන කටයුතු සදහා තේරී පත් වුහ.කන්සාය්ට හා අමායාට ඒ පිළිබදව තිබුනේ ඉමහත් සතුටකි.විශ්ව විද්‍යාලයට බාර ගන්නා දිනයේදී මව හා පිය සමග එදින පැවැත්වූ උත්සවය අවසානයේදී කන්සාය්ගෙ හ අමායගෙ දෙමාපියන් එක්ව කතා කරගත් පරිදි යහළුවන් දෙදෙනාට විනෝද වීමට හා එක්ව කාලය ගත කිරීමට ඔවුන් දෙදෙනාම විශ්ව විද්‍යාලය අසලම පිහිටි දෙමහල් කුලී නිවසක උඩු මහල වෙන් කරගැනීමට කටයුතු කළහ. මෙ නිසා කන්සාය්ට හා අමායාට නේවාසික ජීවිතය එතරම් අපහසු නොවනු ඇත.
පළමු දවස බැවින් විශේෂ යාමක් විශ්ව විද්‍යාලයෙ සිදු නොකෙරුනී. දෙමාපියන්ද සිටින නිසා නවක වදයද ක්‍රියාත්මක වුයේ නැත.
ඒ නිසා කන්සායිත් අමායාත් තම කුලියට ගත් නිවස වෙත ගියෝය. පය්න් යන දුරක තිබු බැවින් දෙදෙනාම දෙමාපියන්ට සමු දී නිවස වෙත ආහ.නිවසේ අයිතිකාරිය ගැහැනියක් වූ අතර ඕ අවිවාහක අයෙක් වීය. මැදී වයසේ පසු වූ ඇය පහල මහලේ ජිවත් වූ අතර උඩු මහල කුලියට දීමෙන් ජිවත් වුවාය.කන්සාය් හා අමායා එක්ව උඩු මහලට ඇදුම් බැග් රැගෙන ගියෝය. එහි වැසිකිලියක් සහිත නාන කාමරයක්, කුඩා කුස්සියක් හා නිදන ඇදවල් දෙකක් සහිත නිදන කාමරයක් තිබිණි. නිදන කාමරය විශාල එකක් වූ නිසා එහි සැප පහසු පුටු සැටියක් කුඩා රුපවාහිනීයක් සමග සාලය වෙනුවට තිබිණි.අමායාත් කන්සාය්ත් ඇදුම් කබඩ් වලට දමා ගෙදර භාණ්ඩ ඔවුනට අවශ්‍ය ලෙස මදක් සිරු මාරු කිරීමට පටන් ගත්තේය."කන්සා... අපි මෙ නිදන ඇදවල් දෙක එකට කරමුද.. එතකොට ජොලිනෙ "
"පිස්සුද.. ඔය තියන විදිහටම තියන්න.... මට ඔය ඇගේ ගැවි ගැවි නිදල පුරුදු නැ... "
"අප්පෝ මහ... හාහා යැයි යැයි තමා " යයි කියමින් අමායා නැවත ඇදුම් ඇසුරන්නට ගත්තාය..
ඇදුම් අසුරා කාමර ආදිය මදක් පිළිවෙල කරන විට හවස් වී තිබිණ. මෙ නිසා අමායා නාන කාමරයට වැදි නා පිරිසිදු වුවාය.කන්සාය්ද නා පිරිසිදු වෙන තුරු මදක් ඇදේ හාන්සි වූ අමායා කන්සාය් ආපසු දෙදෙනාම එකතුව පහලට ගොස් නිවෙස් හිමිකාරිය විසින් ඉවු රාත්‍රී ආහාරය ගත්හ.පළමු දවසේ කාමර අස් කිරීම් කටයුතු ආදිය ඇය විසින් අහාර පිළියෙළ කර තිබුනාය.ඇය නමින් නිමලා වූ අතර රාත්‍රී අහාර වෙලා රසයෙන් අනුන වීය.
කන්සාය්ට මහන්සිය වැඩි නිසාදෝ ඇය නිදිමත දෑසින් ඔහේ බත් අත ගමින් සිටියාය.
"ඇයි පුතේ.. කෑම රස නැද්ද..... පුතේ "
YOU ARE READING
🦋රන් සමනල්ලු🦋 (Completed )
FanfictionCompleted story GL සමලිංගිකත්වය කියන්නේ වැරදි දෙයක්ද.ඒම වෙන්න පුලුවන්ද.මේ ලෝකෙ ගැහැනු පිරිමි විතරක් නෙමෙයි ඒ දෙකටම අයත් වෙන අයත් ඉන්නවා ඒකට හේතුව එයාලගේ වැරැද්දද???? . . නැ . . ජානයි හෝමෝන වලයි බලපැම... . එතකොට එයාලට සමලිංගික හෝ නපුංසක යැයි කියමින්...