රන් සමනල්ලු 4

993 115 105
                                    

බොහෝ වෙලාවකට පැමිණ පසු තමා පසු කරන් යන අමායාව පහත් කල තොප්පිය අතරින් කන්සායිට පෙනිණි. වහාම පඩිපෙළ නැගි කන්සායි අමායාව ඉක්මනට අල්ලා ගත්තාය..ඉන් පසු තම කැප් තොප්පිය ගලවා එහෙ මෙහෙ වී අවුල් වී තිබු කොණ්ඩය පසුපසට ඇගිලි වලින් සකසුවාය... කොණ්ඩය සකසන තුරු අමායා මහත් පුදුම වූ දෑසින් බලා සිටියාය.. තමා පළමු වරට දුටු අයෙක් මෙන් ඇය තමා දෙස ඇගේ හීනි දිගු ඇස් තමා දෙස යොමු වී තිබෙනු කන්සායි දුටුවාය.එවර නම් කන්සායිට තරහ ගියේය

"මොකද..."

"ම්ම්ම්ම්.. මෙහ් නැ " අමායා ලජ්ජාවෙන් මුහුණ අහකට හරවාගෙන කිවාය.

"මොකද පරක්කු... යමු ඉක්මනට... එන්න "

"අම්හ්... හා හරි "

ඇගේ මේ අමුතු ලැජ්ජාවට නම් තවමත් හේතුවක් කන්සායිට සිතා ගැනීමට නොහැකි විය... ඉක්‌මනින් නව සිසුන් ලියාපදිංචි කරන ස්ථානයට ගිය
කන්සාය් අමායාව ලියාපදිංචි කිරීමට සහය විය. ඉන් පසුව පන්තියට ගොස් ඔවුන් දෙදෙනාම ගොස් ඉද ගත්හ... මදක් ප්‍රමාද වීම නිසා ඔවුන්ට හිද ගැනීමට සිදු වුයේ අවසන් පෝලිමට පෝලිම හතරක් ඉදිරියෙ පිහිටි පෝලිමක. පිටුපස පෝලිම් වල සිටියේ පිරිමි ළමුන් පමණි. ඉදිරියේ උගන්නනේ මොනවද පිටුපස සිටි නිසා පෙනුනේ නැත.

"කිසිම දෙයක් පෙන්නේ නැනේද?" අමායා කන්සායි ගෙන් විමසුවාය.

"ඒක තම කලින් එන්න කීවේ... මොනවද ඔච්චර වෙලා කලේ ඇදුම් අලුතෙන් මැහුවද??"
සුපුරුදු ලෙස කන්සායිගෙ විලාපය පටන් ගත්තේය.

"මම කලින් ආවා.. ඔය කියපු වෙලවටත් කලින් ආවා "

"ආව කොහේද ආවේ... මම පඩිපෙළට වෙලා හුගාක් වෙලා බලන් හිටියා.. කොහේද කලින් ආවේ "

"නැ ආව.. මේහ්.. මම අහ්හ්.... නැ මම පරක්කු වෙලා ආවේ.. ආයේ කලින් එන්නම්" අමායා ලැජ්ජාවෙන් ඔලුව කසමින් අහක බලා ගත්තාය.

මොනවාට අමායා මේ හැටි ලජ්ජාවෙන් ඇබරෙන්නේනේ ඇයිද යන්න කන්සායිට නම් මහත් ගැටළුවක් විය..
මද වෙලාවකින් ගුරුතුමා පැමිණ පන්තිය ආරම්බ කළේය.. පිටුපස පිරිමි ළමුන් සිටි බැවින් සුපුරුදු පරිදි පිරිමි ළමුන් කැ ගසන්නට පටන් ගත්තේය... මේ නිසා ගුරුතුමා පවසන දේවල් කිසිත් ඇසුනේ නැත.මදක් ඉවසු කන්සායි බැරිම තැන පිටුපස හැරුනාය.

🦋රන් සමනල්ලු🦋 (Completed )Where stories live. Discover now