Chapter 20

216 40 2
                                    

අද ටේහ්‍යුන්ගේ එක්සෑම් එකේ අන්තිම දවස..මේ දවස් ටිකේම ජන්ග්කුක් එයාගේ කාර් එකේ ටේහ්‍යුන්ව එක්කගෙන යන්නයි එක්කගෙන එන්නයි ආවාත් අද නම් ටේහ්‍යුන්ගේ දැඩි ඉල්ලීම මත ජන්ග්කුක් ටේහ්‍යුන්ට බස් එකේ එන්න චාන්ස් එක දුන්නා..

කොහොමත් අද තමයි ටේහ්‍යුන් එයාගේ ඉස්කෝලේ යාලුවෝ හම්බුවෙන අන්තිම දවස, ඉස්කෝලෙට යන අන්තිම දවස, ඉස්කෝලේ යුනිෆෝර්ම් එක අදින අන්තිම දවස...

යුනිෆෝර්ම් ඒක කියන්නේ අදිනකම්ම එපා වෙන ගැලෙව්වට පස්සේ අදින්න හිතෙන හැගීමක්...ජිවිතේ සැහැල්ලුම , ලස්සනම කාලේ ගෙවන්න පුලුවන් පාසල් කාලෙදි විතරයි..

එතනින් එහාට එක එක විදියේ , එක එක ජාතියේ අමුතු ජිවීන් පිරිසක් එක්ක තමයි ජීවත් වෙන්න වෙන්නෙ...ඔයාගේ තරාතිරම , තත්ත්වේ කොහොම උනත් ඔයාට ඒ ඒ විදියට හැඩගැහෙන්න වෙනවා...ජිවිතේ කියන්නේ ඒක !!!

පාසල් නිල ඇදුම විතරමයි වගකීමක් නැතුව , සැහැල්ලුවෙන් අදින එකම ඇදුම..!!

ඒ නිසාම ටේහ්‍යුන්ලගෙ යුනිෆෝර්ම් නම් මේ වෙනකොට නිල් පාට, දුඹුරු පාට, කොල පාට වගේ පාට පාට වෙලා තිබ්බේ...ඒ අස්සේ යුනිෆෝර්ම් එක පුරාම එක එක විකාර ලියලා යුනිෆෝර්ම් එක නිකන් තොරනක් වගේ...

" මන් නම් කැම්පස් යන්නේ නෑ බන්...මට බෑ අපේ අයියා නැහෙන නැහිල්ල නහින්න.."

විභාගේ ඉවර වෙලා අයිස් පැකට් එකක් කකා පාර දිගේ ඇවිදගෙන ආපු යාලුවෝ සෙට් එකේ සෝජුන් කියනකොට අයිස් පැකට් එක කටේ ගහගෙන හිටපු ටේහ්‍යුන් සෝජුන් දිහා බැලුවා..

" ඒ මොකද යකෝ ?? උබ මෙච්චර නැහීගෙන බයෝ කරේ කැම්පස් යන්න නෙමෙයිද ?? "

ටේහ්‍යුන් අහනකොට අනිත් අයත් ඔලුව වන වන සෝජුන් දිහා බැලුවා..

" පිස්සුද බන් !! මන් බයෝ කරේ අපේ අම්මලාගේ වදේ නිසා...එයාලටත් ඕන උනේ අයියා වගේ මෙඩිකල් ෆැකල්ටි මාත් යනවා බලන්න....ඒ උනාට මචෝ ඒකා නැහෙන නැහිල්ල අපිට කරන්න බෑ බන්...ඔන්න උබට නම් පුලුවන් වෙයි ටෙයියෝ !!"

ටේහ්‍යුන්ගේ පිටට ගහන ගමන් සෝජුන් කියනකොට ටේහ්‍යුන් රැව්වා..

You Are MY ENEMY || TK Where stories live. Discover now