සුදූට,
ඔලුව පුපුරන්න වගේ හැගීමක් එක්ක මන් තනි උනා...
අඩන්නත් බැරි නොඅඩත් බැරි මොහොතක මට ආයෙ ආයේ ඔයාගේ ඔය ලස්සන හිනාව මතක් උනා..මොන දේ උනත් කවදාවත් ඔයාව මට ලං කරගන්න බැරි වෙයි කියන හැගීම මගේ ඔලුව පුරාම රැව්පිලි රැව් දෙනවා.
ඔයාව මැව්වේ මට නෙමෙයි වෙන්නැති...
අන්තිම දෙන්නගෙම හිත් තලාපෙලාගෙන වෙන් වෙනවට වඩා මම දැන් නතර වෙන එක හොදයි නේද?අවුරුදු ගානක් එකට ඉදලත් හිමි නොවන වේදනාව කවදහරි විදිනවට වඩා අද ඔයාට තනියම යන්න දීලා දැනෙන වේදනාව විදින එක සැපයි කියලා හිතෙනවා.
මන් දන්නේ නැහැ මට මොකද්ද වෙලා තියෙන්නේ කියලා.ඔලුව නෙගටිව් දේවල් වලින් පිරිලා....සමහරවිට ඔයා මේක කියවාවී! ඔයා මේක කියවද්දි හුගක් පරක්කු වෙලා තියෙයිද දන්නෙත් නැහැ...
'අපි ආයෙ කතා නොකර ඉමු...මේක හරියන දෙයක් නෙමෙයි..'
කියන වචන ටික උබේ ඔය අහිංසක මූණ දිහා බලාගෙන කියන්න පණක් මට නෑ!!!
හැමදෙයක්ම හොදින් වෙවී කියලා දෙවියන්වහන්සේට කියනවා ඇරෙන්න,මට වෙන කරන්න දෙයක් ඉතුරු වෙලාත් නැහැ!
මට ඔයාව නැතිවෙයි කියලා සෑහෙන්න බයයි සුදූ....
YOU ARE READING
My Dear,Moon!
Poetry#With Love,කඩුපුල් හා සම්බන්ධ නොවන බව ආදරයෙන් මතක් කරමි!. >:) My Dear,Moon! අවසානය දැන දැන පටන්ගත්තු ආදර කතා බහුතරයක අවසානය බොහොම සාර්ථක උනා මගේ ළමයෝ..... ඉතින් නොරිදවී නොරිදවා ජීවත් වීමට වග බලාගන්න..:) -සෙලෙස්තේ නොවන සෙලෙස්තේ.