🌼 මල්සර
" අහ්.. හිමීට... "
" හිමීට..? අනෙ මේ.. "
" ..... "
" ඔහෙ සතුටු වෙනවා.. ඒක මෝල් ගහක් නොවී වාස් එකක් වුන එකට.. "
" ....... "
හෙ හේ... රනුඝ සිතුකගෙන් බේරෙන්න ගේ ඇතුලෙ දුවලා අන්තිමෙ වත්ත වටෙත් දුවලා අන්තිමේ අතිසාර්තක ලෙස සිතුකගෙන් දෙවනි වතාවටත් ශොට් එකක් කෑවා හික් ගෑවෙන්නම. රනුඝව අහුනොවුන තැන සිතුක සම්මානෙ වගෙ උස්සන් දුවපු ලී වාස් එක රනුඝගෙ ඔලුවම ඒම් කරල විසික් කරා. නයිස් කියන්නෙ වෙරිම නයිස්. කලින් සැරේ ෆ්‍රි කෑවට මේ පාර නම් හැබැයි ඉල්ලන් කෑමක් වුනෙ...
දැන් මේ සිතුක බර වැඩක.. හික්ස්... එයාම ගහලා ගෙඩි ගැහුන රනුඝගෙ ඔලුවට එයාම අයිස් තියනවා. නිකනුත් නෙවෙයි කන කීං ගාන්න බැන බැනම.
" විහිලුවක් නෙ දරුවො ඒක.. "
" විහිලු.. හොද විහිලුව.. මම ඔලුව ගිනිඅරන් හිටියෙ එවෙලාවෙ.. ඇයි රෙද්ද.. "
" ..... "
" තාත්තා මාව එක්කන් යයි කියලමයි හිතුවෙ මං.. ශිට්.."
සිතුක මේ පිටදැම්මෙ තාත්තා එක්ක තිබ්බ කේන්තිය. රනුඝ හැදුවෙ කොල්ලගෙ ස්ට්‍රෙස් ගතිය නැති කරන්න. එත් හැබැයි කොල්ලා ඒක එලියට දාපු විදිය නම් හව් සෑඩ් තමා.. ගුටි කාගෙනත් රනුඝ දැන් සද්දයක් නොකර ඉන්නෙ ඒකයි.
අයිස් වලින් තවලා ඉවර වෙලා සිතුක ෆස්ට්ඒඩ් බොක්ස් එක අරන් ආවා. ඔලුව ඉදිමුන තැන ටිකක් තුවාලත් වෙලා. ලේ ගලන එක නම් අයිස් නිසාම නතර වුනා. කොන්ඩෙත් එක්ක තුවාලෙ හරියට පෙන්නෙත නැ ප්ලාස්ටර් ගහන්නත් බැහැ. එ නිසා සිතුක හැදුවෙ එතන කොන්ඩෙ චුට්ටක් කපන්න.
" ඔය මොකද්ද කරන්නෙ..? "
සිතුක කතුර උරුක් කරන් කොන්ඩෙ අල්ලන්න යද්දි රනුඝ එහෙම ඇහුවත්,
" ඇයි.. කොන්ඩෙ කපන්න හදන්නෙ "
" ඇහ්.. ඒ මොකටද... "
" තමුසෙගෙ ඔලුව විතරක් පලල මදි නිසා.. "
" ..... "
BẠN ĐANG ĐỌC
🌼 මල්සර ( Non - Fiction )
Phi Hư Cấuමගේ කලු සුදු ලෝකෙ පාට කරන්න ආපු පුංචි සුරදූතයො.... ඉතිං වස්තුව, උඹට පුලුවන් ද මාව දරාගන්න. ❤︎❀❤︎