🌼 මල්සර
කොළඹ ඉඳන් සැප AC බස් එකක ඇවිත් මාතරින් බැහැලා මම නැග්ගෙ අකුරැස්ස බස් එකක. පාන්දරින් ආව නිසා නිදිමතක් බරටම ලොඩ් වෙලා තිබ්බ එකෙ සීට් එකක කොනක් අල්ලන් පොඩි නින්දක් දැම්ම එක කරෙ මං.
" පිනි වැටුනට සුදු නෙළුමට
බර වැඩි වෙන්නැ
මල පිපුනට පිනි බිඳුවල
වෙනසක් වෙන්නැ................"මං හිතන්නෙ පැයක්වත් ගියෙ නැ බස් එක දෙදරන්න දාලා තියෙන සිංදු අස්සෙත් සැප නින්දක හිටපු මාව පාවෙනවා වගෙ දැනි දැනී ගිහින් දඩාන් ගාලා සද්දෙකුත් එක්ක ඇහුරුනෙ බස්එක දාර වංගුවක් ගද්දි. හා හා කලබල වෙන්ඩෙපා දඩාන් ගැවේ මයෙ ඔලු රාජයා ජනෙල්ලෙට සුටියට කිස් එකක් දෙන්න ගිහින්. සුටි තමයි ටවුකන්න වැදුන පාරට දවල් තරුත් පෙනුනා මට.... එහෙම්ම ඔලුවත් අතගාන ගමන් මම බැලුවෙ මම ඉන්න ලස්සන පොසිසන් එක දිහා. පර්ෆෙක්ට්....... සීට් එකෙනුත් බාගයක් දුරට පහලට රූටලා හිටිය මං වටෙටම ඇන්ටනාවත් දාන ගමන් කෙලින් වෙලා මුකුත් නොවුන ගානට ඉඳ ගත්තා. හම්මේ තව ටිකක් හිටිය නම් සීට් එක පල්ලෙ. යසයි රනුඝයො යසයි බොගෙ රාජකීය නින්ද ඇ....... මදැ මාත් කැම්පස් පටන් ගන්න කලින් ට්‍රිප් එකක් යන්න පෙරුම්පුරන් ලැස්ති වුනා. අන්තිමට වුනෙ පුක රත්කර කර සීට් එකක තැපන් ගමට බඩගාන්න වුන එක.
බඩබොකුත් කැලතෙන වංගු අස්සෙ ආයෙ නිදාගන්න එක අතැරපු මං ජනෙලෙට එපිටින් පෙනුන වේගෙන් පහුවෙන කොළ පාටින් පාට වැටුන මගෙ සුන්දර ගම දිහා බලන් හිටියා. මාතර.... ම්ම්ම් ගම මාතර මාතර ගැවට මේ මාතරම නෙවෙයි, මාතරින් තව ගොඩක් ඇතුලට එද්දි හම්බෙන හරි ලස්සන ගමක්. මොරවක... මගෙ තාත්තගෙ උපන් ගම
එක යායට විහිදිලා ගියපු තේ වතු, රබර් වතු, කුඹුරු.... ඉමක් කොනක් හිතාගන්න බැරිවෙන්න උදෙ මීදුමට වැහිල යන කඳු වැටි..... පාරට ඈතින් ගලන් යන නිල්වලා ගඟ.... ගම කියන්නෙම දකින ඇසිල්ලෙන් හිත නිවන තැනක්. එවුනත් මම මෙ ලස්සන දකින්නෙ දැන් අවුරුදු ගානකට පස්සෙ. ඒ දවස... ඒ දවසට පස්සෙ ආච්චි අම්මගෙ මරණෙට විතරයි මම ආවේ. හිත හදන් රැදෙන්න පුලුවන් වාතාවරණයක් නෙමෙයි මෙ ගමෙ තිබුනෙ මට. එත් අද..... හ්ම්ම්ම් එ කාලෙත් මෙකාලෙත් අතරතුර මම පරිණත වුනා කියන්න බැ හැබැයි, මම දරාගන්න පුරුදු වුනා හැමදෙම.
CITEČTI
đŧ āļ¸āļŊāˇāˇāļģ ( Non - Fiction )
Non-ficČiuneāļ¸āļāˇ āļāļŊāˇ āˇāˇāļ¯āˇ āļŊāˇāˇāļāˇ āļ´āˇāļ§ āļāļģāļąāˇāļą āļāļ´āˇ āļ´āˇāļāļ āˇ āˇāˇāļģāļ¯āˇāļāļēāˇ.... āļāļāˇāļ āˇāˇāˇāļāˇāˇ, āļāļšāļ§ āļ´āˇāļŊāˇāˇāļąāˇ āļ¯ āļ¸āˇāˇ āļ¯āļģāˇāļāļąāˇāļą. â¤ī¸ââ¤ī¸