ඔයාලා හීන ගැන මොනවද දන්නෙ?
එ කියන්නෙ ඔය මිනිස්සු කියනවා නේ, නිදා ගෙන ඉද්දි මෙ වගේ හීනයක් දැක්කොත් මෙහෙම වෙනවා කියලා.. අන්න එ වගේ ඒවා..
නයෙක් දැක්කොත් පුතෙක් හම්බෙනවා වගේ ඒවා..
මේකයි..
මං හීනයක් දැක්කා.. කෙනෙක්ගෙ දතක් වැටිලා තියෙනවා. ඒක දැක්ක වෙලාවක් මට මතක නෑ. මොකද මං අද නැගිටිද්දි 10.30යි.. heeee :))
ඉතිං මට හරියටම විශ්වාස නෑ මං ඒක දැක්කෙ 10.30ට කිට්ටු වෙලා ද නැත්නම්, මහ පාන්දරද කියලා..
මං අහල තියෙන විදිහට අපි දතක් වැටෙනවා හීනෙන් දකින එක අසුබයි. තමන්ට ළඟ කෙනෙක් නැති වෙන එක ගැන ඉඟියක් වගේ එකක් ලු ඒක..
ඒත් මං දන්නෙ නෑ එ දකින් හීනෙ දත වැටෙන්න ඕන හීනෙ දකින කෙනා ගෙද? නැත්නම් වෙන කෙනෙක්ගෙ ද කියලා..
මොකද මම දැක්කෙ මගෙ.දතක් වැටිලා තියෙනවා නෙවෙයි, වෙන කෙනෙක්ගෙ දතක් වැටිල තියෙනවා. අනේ මං හීනෙන් විහිලුත් කලා එයාට.. කොච්චරවත් ෆෝන් එකේ එල්ලිලා කෝල් කර කර ඉන්න නිසා තමයි ඔය දත වැටිලා තියෙන්නෙ කියලා..
මට දැන් දුකයි බයයි දෙකම ToT