"මොකක්ද ඔය කියවන්නෙ??"
මං ආදිගෙන් එහෙම ඇහුවෙ මං වොෂ් එකක් දාගෙන එන වෙලාවෙ එයා ඇඳේ දිග ඇදීගෙන දමාගෙන පොතක් කියව කියව හිටිය හින්දා... නෙතඟ අයියලගෙ ගෙදරනේ මේ දවස් ටිකේ ම හවුස් ඩෙකරේශන්ස්... ඒ ටික දැන් ගොඩක් දුරට ඉවරයි හින්ද අපිට එන්න ඕන නෑ කියල භාතිය අයිය කිව්ව... ඒත් කොහෙද... මේ ගෙදර ඉන්නෙ ඩයිට්ල කියල උඩ දමාගෙන ඉන්න උන්නෙ... මටවත් මෙහෙ ආව කියල හරි හැටි නිදහසක් නෑ අර චූටි කියල එකෙක් ඉන්න නිසා... වෙලාවකට දෙන්න හිතෙනව ඇත්තට ම ... හක්ක පැනල බොක්කට ම ෂිෆ්ට් වෙන්න...
"මේක... මේක මේ පොතක්..."
"පොතක් කියල මට පේනව ප$... මං අහන්නෙ පොතේ නම මොකක්ද කියල..."
"පොතේ නම??? ඒ මොකටද???"
නම චූටි වුණාට බලන්න ඕන මුගෙ වල් වනචරකම!!! කවුද දන්නෑ මුට මුලින් ම 'සූටි සූටි' ගාන්න ගත්තෙ... හරි නම් මට තමයි සූටි කියන්න ඕන!!!
"මොකද අහන්නෙ?? අයිය කෙනෙක් වුණා ම වගකීමක් තියෙනව එයාගෙ--"
අපේ එකාට මගෙන් ෆ්‍රී කියල දෙන බණ ටික අහල ම එපා වෙලාද කොහෙද මූ අර කියව කියව හිටිය පොතේ ඉස්සරහ කවරෙ පේන්න ඇඳ උඩට දමල ගහල ඇවිත් උගෙ අත් දෙක ම තියල හෙන ම හයියෙන් මගේ කට තද කළා... පස්සෙ දෙන්නත් එක්ක ම ඇඳට වැටුණා...
මං ශොක් වෙලා ගියේ පොතේ බැක් කවර් එක දැක්ක ම... සිරාවට ම මූ මේ මොකාට ද යන්න හදන්නෙ???
"ආදිත්‍ය??? මේ---???"
"අයියෙ ප්ලීස් අම්මට නම් කියන්න එපා!!! "
කොල්ලට මං පොත දැක්ක කියල තේරිලා තමයි ඒ වගේ දෙයක් කිව්වෙ... මූ සුරාජ් අංකල් ගෙදර නැති එකෙන් අයුතු ප්‍රයෝජන ගන්නව වගේ දෙයක්නෙ ... ඒත්...
"මල්ලි ඔයා???"
"හ්ම්ම්... මං මයාට කියන්නම්... අනේ ලොකූ ... අම්මට කියන්න නම් එපා හරිද??"
"ආන්ටිට කියන්නත් ඉතිං මං විස්තරේ දැනගෙන තියෙන්න ඕනනෙ... කෝ මට කියපන්... මොකක්ද මේ දේවල්වල තේරුම??? "
"අයියෙ මේ--"
"ඒ මේ ගාන්නෙ නැතුව හරියට විස්තරේ කියපන්..."
ඒත් ටික වෙලාවක් යනකන් ම කාමරය පිරිල තිබුණෙ ආදිගෙ මූණ එක්ක ම මළානික නිහඩ බවකින්....
"අර ඔයා මෙහේ ආව දවසෙ ම මගෙන් ඇහුවෙ??"
"මොකක්ද??"
"මගෙන් අහුවනෙ කෙල්ලෙක් ඉන්නවද කියල..."
"ඔව් ඉතිං..."
"මෙිකයි ලොකූ.. මං කැමති චාරුක අයියට..."
"මොකක්???"
ඇත්තට ම මට ඒ දේ ප්‍රොසස් කර ගන්න ටික වෙලාවක් ගියා මං හිතන්නෙ... එදා මං උන් දෙන්නව කපල් කළේ ආතල් එකක් ගන්න මිසක් සිරා හිතල නෙවෙයිනෙ... ඒත් දැන්...
"ලොකු අයියෙ මේ අහන්න..."
"මේ එතකොට අරූ දන්නැද්ද උඹ ෙඌට කැමතියි කියල???"
"නෑ... මං ඔයාට කියල ඇතිනෙ... ඒක වන් සයිඩ්... එච්චරයි!!!
"ඒ කියන්නෙ උඹ ඔය දේවල්--- අනේ මන්ද චූටි මට කිසි දෙයක් තේරෙන්නෙ නෑ..."
"ප්ලීස් අයියෙ... Be relaxed... මගේ දෙවල් ගැන හිතල ඔයා නිකන් අවුල් යන්න ඕන නෑ..."
"තමුසෙට මොකක්ද ඇත්තට ම වෙලා තියෙන්නෙ???"
"..."
"හරි . මොනවද ඉතිං එදා ඌ එක්ක කතා කළේ??"
"එහෙම මොනවත් නෑ..."
අනේ හු-! එනව මෙතන මං ඉස්සරහ නටන්න...
"උඹ සබ්ජෙක්ට් එක ෆලෝ කරනව ද???"
"මොන සබ්ජෙක්ට් එකද?"
ඒකට නම් ඌට කට උත්තර නැති වුණාද කොහෙද...
"චූටි මේ... මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕන... I need more time with you..."
YOU ARE READING
í† íѕ †hє TᖇᑌTᕼ ¦ Ongoing
Fanfiction"...භාතිය අයියෙ, ඔයා ඔය කරන විකාර දැන්වත් නවත්තගන්න... මොකද අම්මයි, තාත්තයි නෑ කියලා විනාස නොවෙන්න ඕන කෙනෙක් විනාස වෙන්න යන්නේ ඇයි??? මට කියනව!!! තමුසේ තනියෙන් කියලා හිතාගෙන හිටියට එහෙම නෑ කියලා දැන්වත් දැනගන්නව!!!" "ඉතින්??? විනාස වෙන්නෙ මං න...