මහත්තයගෙ ඔෆිස් වැඩ එක්ක මගෙ කැම්පස් වැඩ එක්ක සුද්දිගෙ ඒලෙවල් වැඩ එක්ක කාලෙ ගෙවෙන්නෙ හරි වේගෙන්....එදා නුවර ගිහිල්ලා ඇවිල්ලත් මාසෙකට වඩා ගෙවිලා ගිහින්.....ඒ ගියාට පස්සෙ හතරදෙනාම එකට ආයෙ කොහෙවත්ම යන්න අපිට වෙලාවක් නැති උනත් සුද්දියි රකිත් අයියයි නම් සතියට පාරක්වත් ළඟ පාතක රවුමක් දාන්න ගියා....රකිත් අයියා නම් කිව්වෙ එක්සෑම් ස්ට්‍රෙස් අඩුවෙන්නත් එක්ක එක්ක යන්නෙ කියල....අනේ මන්ද ඉතිං....
නුවර ගමන මතක් වෙද්දි තාමත් මට හිනා....එදා නාරම්පනාව දොලේ නාලා ආපහු එද්දි රකිත් අයියා ඩ්‍රයිවින් ශීට් එක බාර ගත්ත හින්දා සුද්දිත් ඉස්සරහ ශීට් එකට යද්දි අපි දෙන්නා වාඩි උනේ පිටිපස්සෙ ශීට් එකේ....මහත්තයාට හේත්තුවක් දාල සැපට නිදා ගත්ත ගත්තමයි මම ආයෙ ඇහැරුනේ මහ රෑ මැද්දෙ ගෙදර ඇඳ උඩින්....ඒකත් හොඳට බඩගිනි වෙලා....එදා රෑ මහත්තයා මාර කට්ටක් කෑවෙ මං හින්දා....මම බඩගිනී කියල දඟලද්දි එයා දන්න එකම රාජකීය කෑම වේල වෙච්ච නූඩ්ලස් හදන්න ගිහින් මුලු කුස්සියම වනසල තිබ්බා....ඒකට කේන්ති ගිය මං මහ රෑ බෙරිහන් දෙද්දි නිදිමරගාතෙම මහත්තයා කුස්සිය අස් කරා....පව් හැබැයි....දැන් මතක් වෙද්දි මම මොනතරම් දුෂ්ට විදිහටද එදා හැසිරුනේ කියල හිතෙනවා....ඒ උනාට කුස්සිය වනසන එක මට පේන්නම බැරි දෙයක් කියල එයා දන්නවා....ඒකනෙ වචනයක්වත් නොකියා පාඩුවෙ අස් කරේ....
"බබා....මොකද බන් තනියෙන් හිනාවෙන්නෙ...."
කල්පනා ලෝකෙ හිටපු මං කන ගාවින්ම ඇහුනු මහත්තයාගෙ සද්දෙන් ගැස්සිලා ගියා වෙද්දි තව පොඩ්ඩෙන් අතේ තිබ්බ කෝප්පෙත් බිම වැටෙනවා....
"මහත්තයා....ඔහොමත් බය කරනවද අප්පා...තව පොඩ්ඩෙන් කෝප්පෙ බිම...."
"ඒක වැඩක් නෑ....මට කියහන් මොනවා හිත හිතද තනියෙන් හිනා උනේ කියල...."
"නුවර ගමන අනේ වෙන මොකුත් නෙවේ....මහත්තයා අද කලින් ඇවිත්නෙ....තව තුන පහුවුනා විතරයි නේද..."
"ම්ම්...මම සුද්දිගෙ ක්ලාස් එක ගාවට ගියා බබා...."
"අදත්....ඇයි මහත්තයා දැනුත් යන්නෙ....සුද්දි දැන් හොඳට ඉන්නවනෙ...."
KAMU SEDANG MEMBACA
සියපත්
Romansa"සියපත් මට නෙළුම් මලක්....හරියට පිපිලවත් නැති තවම පෙති විහිදන්න හිතන ළපටි නෙළුම් පොහොට්ටුවක්...." මතකයට හැකියිනම් වන්න පිහි ඇනුමක් සුසුමකට නොහැකි ඇයි දුක දරා ගැනුමක් කඳුළ යනු රිදුමකදි බර මනින මිනුමක් ආදරය කියන්නෙම අත් හැරෙන දිනුමක්.... _____________...