03✨

316 54 30
                                    

දේවකගේ වම් කම්මුල මත වේගයෙන් පතිත වූ කම්මුල් පහරේ හඬ මුලු කාමරය පුරාම දෝංකාර දෙන්නට විය.. දේවක තම අත්ලෙන් කම්මුල වසාගනිමින් නොසෙල්වී හුන්නත් සිහිලැල් සෙමින් ඉකිබිඳින හඬ ඔහුගේ දෙසවන වැකුණි.. නමුත් දේවකට මේ මොහොතේ තම පෙම්වතා වෙත ගොස් ඔහුව සිප සනසවමින් ඒ කඳුළු පිසදැමීමට වත් හැකියාවක් නොමැත.. කම්මුල අල්ලාගත් ක්ශණයේම ඔහුගේ මෑණියන් නැවතත් පුපුරා ගියාය.

"උඹට දෙයියන්ගේ හාල් කැවිලද දේවක.. ඒ උඹේ අප්පච්චි බව අමතක වෙලාද උඹ ඔය තුප්පහි කතාව කටින් පිට කලේ. උඹට උවමනා ඔව්වා මේ පිට එවුන් ඉස්සරහ දිගෑරලා මේ වලව්වට අවනම්බු කොරන්ඩද බොල.." එක්නැලිගොඩ මැණිකේ කුමක් කියුවද දේවක නැවතත් මුනිවත රකින්නට වූයෙන් ඇගේ කට පෙරටත් වඩා පණ ගසා ඇතිවාට සැක නැත..

"කොහොමත් උඹ මේ පවුලේ නම්බුවට දැලි ගෑවේ අද ඊයෙක නෙවෙයි නෙ.. දොස්තර විභහගෙ ලියවන්න උන්න එකා ටියුශන් කාරයෙක් උන දවසෙම උඹ මේ වලව්වේ නම්බුව රෙද්ද පල්ලෙන් හෝදලා යැව්වා කියලා මේ අම්මට අමතක නෑ... දැනටත් උඹ හැංගි හැංගි නටන නාඩගම් මම නොදන්නවාය කියලා හිතන්න එපා දේවක... මතක තියාගනින් පුතේ මේ අම්මා ඉන්නකන් උඹට ඕනි ඕනි හැටියට නටන්ඩ ඉඩක් නෑ කියන එක.. මම හොදට හොදයි නරකට ඊටත් වඩා හොද බව උඹ සහසුද්දෙන්ම දන්නවානෙ.."

මෙතෙක් වෙලාම නිහඬව තම මවගේ දෙස් දේවල් අසා සිටි දේවක හොඳ හුස්මකින් තමාගේ ළය සැහැල්ලු කරගත්තේ කොතරම් කතා ඇසුවත් තමා දේවකාරියක් මෙන් සලකන තම ගුරු වෘත්තියට මෙසේ අපහාස කිරීම නම් ඔහුට අසා සිටිය නොහැකි වූ නිසාවෙනි.

"අම්මේ අම්මේ අම්මේ!!! ඔයා මට මොනවා කිව්වත් කමක් නෑ මගෙ රස්සාවට නම් දොස් කියාගෙන එන්න එපා.. මම අද මේ වලව්ව ඇතුලේ සතුටෙන් හුස්ම ගන්නවා නම් ඒකට තියෙන්නේ හේතු කාරණා දෙකයි.. එකක් තමයි මගෙ රස්සාව.. අනික.......... ඒකෙන් වැඩක් නෑ!! දරුවන්ගෙ ඇස් පාදන්න උදව් වෙන මාව අම්මට ටියුශන් කාරයෙක් වගේ පෙනුනට මම ඒ රස්සාවට සලකන්නේ ස්වභාවදහමෙන් මට ලැබුන තෑග්ගක් විදියට.. පිං සිද්ද වෙයි මට පව් නොදී දැන් වත් මට යන්න දෙන්න.. මම දැනටත් නොසෑහෙන්න පරක්කුයි" යැයි පවසමින් දේවක තම එක් අතක ඇගිලිතුඩු කිහිපයකින් ඔහුගේම නලල පොඩි කරගත්තේ ය..

සිහිලැල්Where stories live. Discover now