" ලමයි මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. උද්‍යාන අපි එක්ක නුවර යන එක ගැන අපිට ශුවර් කරන්න බැරි තත්වයක් තියෙනවා.. උද්‍යානට අන්තිම මොහොත වෙනකන්ම එන්න බැරි තත්වයක් තිබුනොත් අපි ඒ වෙනුවට ශවීන්ව ටීම් එකට ගන්නවා.. "
පහුවදා උදේ මෝනින් ප්‍රැක්ටිස් එකේදි කෝච් සර් ටීම් එකට මන් ගැන කිව්වා..කෝච් සර්ට ඊයේ හවස ප්‍රැක්ටිස් ඉවර වෙලා මන් මට මැච්ස් වලට එන්න බෑ කියන එක කිව්වා..
.
." සර් මට සර්ට කියන්න දෙයක් තියෙනවා "
" ඔව් කියන්න උද්‍යාන මොකක්ද ප්‍රශ්නෙ "
" සර් මන් හිතන්නේ මට නුවර යන්න එන්න බෑ.. "
" ඇයි එකපාරට..ඔයා ගොඩක් මහන්සි වුනානේ සිලෙක්ශන් වලටත් "
" නෑ සර් ම-ට මට..සනීප මදි "
මට ඇඩුනා..අමාරුවෙන් වචන පිට කරපු මට ආපහු ඇඩුනා.." දරුවෝ අඩන්නේ නැතුව මට කියන්න මොකක්ද ප්‍රශ්නේ "
" ස..ර් ස..ර් මට එන්න බෑ සර්.. "
" හරි කොල්ලො මට කියන්නකෝ එන්න බැරි ඇයි කියලා "
" .... "
" ගෙදරින් අකමැතිද "
" නෑ ස..ර් "
" එහෙනම් සල්ලි ප්‍රශ්නයක්ද "
කෝච් සර් මගෙන් සල්ලි ප්‍රශ්නයක්ද අහපු ගමන් මට ඉකි ගගහා ඇඩුනා.. සර් ඇවිත් මාව බදාගත්තා..
" පුතේ අහන්නකෝ අඩන්න එපා..අපිට පුලුවන්නේ කොල්ලො සල්ලි ටිකක් නම් හොයාගන්න.. "
" එපා සර් මන් නිසා අනිත් අයට කරදර වෙනවට මන් ආස නෑ... මම ඉස්කෝලේ ඇතුලේ ආසාවට ප්ලේ කරන්නම් තරග වලට යන්න මට ඕනි නෑ සර්.. "
" හරි හරි පණ්ඩිත කොල්ලෝ ඒක අපි බලමුකෝ..දැන් අඩන්නේ නැතුව මූන හෝදන් ගෙදර යන්නකෝ..උදේට මෝනින් ප්‍රැක්ටිස් එන්න ඕනි අනිවාරෙන්ම හරිද..දැන් යන්න "
.
.
.කෝච් සර් කිව්ව දේ අහලා විදුර හංසජ වගේම දෙව්මිණත් හිටියේ මන් දිහා කන්න වගේ බලාගෙන..මම බිම බලාගත්තා මොකද මන් දන්නවා මම දිගටම එයාලා දිහා බලන් හිටියොත් මට ඇඩෙනවා...
YOU ARE READING
I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )
Romanceමන් උබට ආදරෙයි බන් !!! මටත් පුලුවන් වුනානම් කට ඇරලා බය නැතුව කියන්න. මම හරි බයයි බන් මගේ ඒ වචනෙන් මට උඹව නැති වෙලා යයි කියලා.. උබේ ඇස් දෙක දැක්කත් ඇති මට ඇග පුරා සමනල හැගුම් දෙනෙනවා.. මට්ටු කරන්න බෑ බන් මගේ හැගීම් උබ මාව තව තව අවුස්සනවා.. දවසක් ආවොත...