"නේත්‍රත් එක්ක ඊයේ හරියට කතා කරන්න වත් බැරි උනානෙ, ඇයි පුතේ එහෙ ඉඳන් මෙහෙට ආවේ හදිසියේම"
උදේ ඉස්කෝලෙ යද්දි තුහින සර් ඇහුවෙ අපිට ඊයේ හරියට විස්තර කතා කරන්න බැරි උන නිසා, කොහෙද ඉතින් සඳ බොඳවෙලා මඩ වලකට කඩා පාත් උනානෙ......
"අපිට හිටියෙ අම්ම විතරයි සර්, එයත් ගිය මාසෙ නැති උනා, මේ අම්මගෙ ගම, අපිට ඉතින් මෙහෙට එන්න උනා.තාත්තත් නැති වෙලා අවුරුදු තුන හතරක් වගේ. තාත්තගේ නෑයෝ හිටියෙත් නෑනෙ"
මං කතා කරද්දි අපිට ඉස්සරහින් ගිය අනූප සර්, හසා දෙන්නත් මගේ කතාවට ඇහුම් කන් දෙනවා මං දැක්ක, මල්ලි ඊටත් ඉස්සරහින් චවියා එක්ක කියෝ කියෝ යනවා.....
"මං ඒ බවක් දැනන් හිටියෙ නෑනෙ පුතේ, දැන් ඉතින් මල්ලිවත් බලාගෙන හොඳට ඉගෙන ගන්න"
සර් මගෙ ඔලුවත් අත ගාලා පිටටත් තට්ටුවක් දැම්ම.
"මෙහෙ ඉන්න රස්තියාදු නඩේ එක්ක පැටලෙන්නේ නැතුව ඉඳපන් පුතේ හරිද... මං මේ යකාටත් නිතරම කියනව"
අනූප සර් හසාගෙ පිටටත් පොඩි පාරක් ගහලා එහෙම කියද්දි ඒකට නම් ඇවිස්සුනෙ බිම් මල.
"ඒක හරි කතාවක්නෙ බං, අපි එයාලට බයේද මෙහෙ ඉන්න ඕන"
"උබට නම් කියල වැඩක්ම නෑ"
ඊයේ අනූප සර්, තුහින සර් කියල හරිම වැදගත් විදියට කතා කරපු මනුස්සයෝ දෙන්න නේද මේ, පසුවට තවත් සහන බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි....
"යශ් කියන්නේ අපේ ප්‍රින්සිපල් සර්ගෙ පුතා කියල මම දැන ගත්තේ ඊයේ හවස චවික කියද්දි"
"කොහෙද ඉතින් මටත් කියන්න අමතක උනානෙ, බෝඩිමට ගියාට පස්සෙ තමයි තුහින සර් එක්කත් කියන්න මතක් උනේ"
"හොඳට ඉගෙන ගෙන නිකන් රස්තියාදු ගහනවා නේද"
"ගෙදර මිනිස්සුත් හදන්න බෑ කියලා අත් ඇරල දාලා තියෙන්නේ, චිත්‍ර අදින්න මාර දක්ෂයි. ලොකු ලොකු ගණන් වලට එයාගෙ චිත්‍ර විකිණෙන්නේ"
"ආශ්‍රය කරන්නෙත් හොඳ මිනිස්සුද, අර දැක්කෙ නැද්ද ඊයේ හිටිය ගුලි කාපු එකා "
BẠN ĐANG ĐỌC
දඬු මොණරු
Phi Hư Cấu"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්ර, නේත්ර... මගේ නම නේත්ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින්න දඟලන ඇටි කිච්චන්ව පේන්න බෑ. ඒ නිසා මට කියල උඹේ ඔය ලස්සන මූණත් තහඩුව තලා ගන්නෙ නැතුව ඉඳපන්"