පොඩි උන් දෙන්නෙක් දාන් බයික් එකෙ යද්දි බලන් හිටපු මිනිස්සු හිතුවද දන්නෑ අඩු වයසින් තාත්තා කෙනෙක් වෙච්චි එකෙක් යනවැයි කියලා.අනේ ඕන මගුලක් හිතාගන්න කියනවා නේද? ආන්‍යා නම් හරි සතුටින් ආවේ.එයා බයික් වලට කොහොමත් කැමති.මෙව් නම් ගාණක් නෑ මාව පිටිපස්සෙන් බදාගෙන් වටේම බල බල ආපු බව මට තේරුනේ එයාගෙ නිකට මගේ කොන්දේ වදිනකොට.ගෙදර එද්දි කවුරුත් හිටියේ නැහැ.අද අක්කයි අයියයි දෙන්නම නයිට් නේ කොහොමත්.මට තේරෙන්නේ නෑ පොඩි ගෑණු ළමයි දෙන්නෙක්ව බලාගන්නේ කොහොමද කියලා.ඒ උනාට කරන්න දෙයක් නෑ කරන්නම වෙනවා.විජය කුමාරයාව නම් බලාගන්න එක මට ලේසි.දෙපැත්තට නළවලා කිරි බෝතලේ දුන්නම කොල්ලා සෝයි එකට නිදි.ආන්‍යාත් ඉදිවී මොනාහරි කර කර.අද නම් දෙන්නවම කලින් ඇදට යවන්න ඕන.
" ඇනී..ප්‍රි ස්කූල් එකෙ හොම්වර්ක් තියේද ඔයාට.. "
මෙව් ගේ ඇතුලට අඩිය තිබ්බේ ආන්‍යාගේ හොම්වර්ක් ගැන අහගෙන.මෙව් එහෙම තමයි.නන්ගියි මල්ලියි දෙන්නම ගැන ඒ පුංචි වයසේ ඉදගෙනත් හොයලා බලනවා.
" දෙන්නම එහෙනම් හොම්වර්ක් කරන්න පටන් ගන්නකෝ...මන් එන්නම් හොදේ..දග කරන්න එපා ඇනී හරිද.. "
" අප්පච්චි නැති නිසා ආන්නා දගකලන්නේ නෑ... "
ආන්‍යාගේ යංසේ කියවන්නැති පුරුද්ද ඔන්න ආයෙ මතුවුනා.මේ දෙන්නව මෙහෙම තනියම සාලේ දාලා යන්නත් බැහැ.ඒ උනාට විනාඩි දහයකට වගේ වීදුරුවක් එහෙම පෙරලගන්නෙ නැතිවෙයිනේ.පුලුවන් ඉක්මනට කාමරේට ගිහින් මගේ සුපුරුදු Home-Kit එකක් ඇදගෙන මගෙ පොත් ටිකත් බදාගෙන මන් පල්ලෙහාට බහිද්දි ආන්‍යා සෝෆා එක ලග බිම ඉදගෙන චිත්‍රයක් පාට කරනවා.මෙව් අකුරු ලියනවා.අපිට තියෙන සබ්බසකලමනාව දිහා බැලුවම මට කැරකෙන්න වගෙ.ගණන් වල එහෙම ඉලක්කම් තියෙන්නෙ හයට එනකම් විතරයි.ඊටපස්සෙ ඉංග්‍රිසි අකුරු.මට ඉතින් මේවා දකිද්දි මතක් වෙන්නේ ඔරිජිනල් බෑඩ් වර්ඩ්ස්!!
පැය තුනක් විතර ඔහේ ගෙවෙන්න ඇති.පොතක් අස්සට රින්ගුවම වෙන්නේ මොනාද කියලා මටත් මෙලෝ සංසාරයක් මතක හිටින්නේ නැහැ.අට ට තියපු එලාම් එකට තමා මට සිහිය ආවේ.රෑ අට කියන්නේ අයියයි අක්කයි ඉන්නවා නම් අපේ ඩිනර් ටයිම් එක.ඒ එලාම් එක නොවරදවා ම හැමදාම තියනවා.එච්චර වෙලා මන් ෆිසික්ස් ගණන් වගයක් අස්සේ හිරවෙලා ඉදලා තියෙන්නේ.පොඩි උන් දෙන්නවත් මුළුමනින්ම අමතක උනානෙ.කෑම කාමරේ මේසෙ ලගට සෝෆා එක පේනවා.මෙව් පේන මානෙකවත් නැහැ.ආන්‍යා නම් ස්නැක්ස් පැකට් එකක් බදාගෙන බිම දිගාවෙලා ඉන්නවා.ආන්‍යා නම් නිදි නැති පාටයි.ස්නැක්ස් කාලා බත් නොකෑවොත් තමයි.
YOU ARE READING
BROKEN WINGS |BL
Non-Fiction'මයුර අයියේ...' වටපිටාවේ හිටපු කිසිම කෙනෙක්ව හුළං පොදකට මායිම් නොකරපු එයාට මන් කතා කරේ එයාගේ ආපිට වචනයක් බලාපොරොත්තු නොවී.හවස හයට විතර දැනෙන අමුතු සීතල සුළගත් ඇග වටේ දැවටෙද්දි එයාගේ ඒ සීතල හැසිරීම මට මතක් කරේ අමාවක..... 'කියන්න...' ඒ ඇස් මගේ දිහාවට...