" අතින් නෙමෙයි මිනිහෝ ඉනෙන් අල්ල ගනිම් !! හරකෙක් වගේ තෝ "" තමුසෙ මගෙන් කන්න හදන්නේ !! කෙල්ලෙක් දිහා ආසාවට බලපු නැති මම කොහොමද කෙල්ලෙක්ගේ ඉනෙන් අල්ල ගන්නේ ?? "
" මම තමුසෙගෙ නංගි යකෝ මෙන්න මෙහෙ අල්ල ගනිම් "
හස්නගේ කැම්පස් ජීවිතේ පලවෙනි දවස නිසා හස්නා එක්ක උදේම යුගාන්ටත් කැම්පස් එකට එන්න සිද්ද උනා . අනික තීනුව සෙට් කර ගන්න හස්නා ගහලා තිබුනු මාස්ටර් ප්ලෑන් එක යුගාන්ට දැන් හෙණ ගෙඩියක් වෙලා තිබුනා . යුගාන්ගේ කෑල්ල වගේ හස්නා කැම්පස් එකේ පේන්න ඉදලා කොහොම හරි තීනුගේ හිතේ තියෙන එක දැන ගන්න එක තමා ඔය හස්නා ගහලා තිබුනු ප්ලෑන් එක උනේ .
ඒත් යුගාන්ට නම් දැන් ඒක කරන්න බැහැ බැහැ වගෙත් මොකද පොඩ්ඩක් හරි ගැස්සුනොත් තීනුට ලං වෙනවා කියන එක ආයේ හීනයක්ම තමයි කියලා යුගාන් දැනන් හිටියා . ඒත් හස්නා පසු බහින්න අකමැති නිසා යුගාන්ට කර කියා ගන්න දෙයක් නැති උනා . කුම්බලා මාළු කෑවා නම් විදවපන් බළලෝ කිව්වා වගේ හස්නව මේ වැඩේට පංගාත්තු කර ගෙන තමන් කලේ ලොකු මෝඩ කමක් කියලත් යුගාන්ට හිතුනා .
අකමැත්තෙන්ම හස්නගේ ඉනෙන් අල්ල ගත්තු යුගාන් හස්නා එක්කම කැම්පස් එක ඇතුලට ඇතුලු උනා . දෙන්නා ඉන්න විදිහට නම් හැම එකාටම පෙනුනේ යුගානුයි හස්නයි කියන්නේ කපල් එකක් කියලා . යුගාන් සාමාන්යෙන් කෙල්ලොන්ට වැඩි කැමැත්තක් දක්වන්නේ නැති නිසාම මුලු කැම්පස් එක පුරාම එක කසුකුසුවකින් පිරිලා ගියා .
" අඩෝ මේ යුගාන්ගේ කෑල්ලද බං "
" වෙන්න ඇතිනේ බං හැබැයි කෙල්ල ලස්සනයි නේද "
පහු කරන් ගියපු කොල්ලෝ දෙන්නෙක්ගේ කතා බහ යුගාන්ගේ කන් වලට වැටෙද්දි යුගාන් උන් දෙන්නගේ උඩ ඉදන් පහලට බැලුවා . ඒ බැල්මත් එක්ක ඒ කොල්ලෝ දෙන්නා මිසින් වෙද්දි හස්නට හිනාවක් ගියේ අයියණ්ඩි කැම්පස් එකේ හොද පොරක් කියලා දැනට මත් තමන්ට පෙනුනු නිසා . අර කොල්ලා කිව්වා වගේ හස්නා නම් හරි ලස්සනයි .
යුගාන්ට දැන් තිබුනු එකම බය උනේ තමන්ට තීනුව සෙට් කරන්න හස්නා උදව් කරන්න ඇවිත් මේකි වෙන මොකෙක් එක්ක හරි සෙට් වෙයිද කියලා . කැම්පස් එකේ එකෙක් දෙකෙක් හොදට හිටියට අනිත් උන් සේරම මහ නසරාණියෝ කියලා දන්න නිසාම යුගාන් නම් කැමති නැහැ හස්නා දිහා කැම්පස් එකේ එක කොල්ලෙක් වත් බලනවට .
YOU ARE READING
සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎𝐍𝐅𝐈𝐂
Non-Fictionප්‍රේමයේ සිහිනයන් පුරාම ඔච්චම් කරමින් ප්‍රේමයෙන් හදවත් ඒකාබද්ධ කෙරූ හිරි කෝඩු යෞවනයේ ප්‍රේමාන්විත අරගලය - සිහින ඔච්චම් - " හැම වෙලාවෙම ආදරේ හාර හාර හොයන්න එපා බබා !! මං ආදරෙයි ඒක තමුසෙ නොදන්නවා නෙමෙයිනේ " " ආදරේ හාර හාර හොයන්න උබ...