Chapter 4

97 17 2
                                    

🚫Only mine - Chapter 4

ටේ තමන්ට දැනෙන වින්දනය පිටකරන්න වගේ කෙඳිරිගාද්දි කාමරේ අයිනට වෙන්න තිබුනු වොශෘම් එකෙ දොර පුංචි සද්දයක් එක්ක ඇරගෙන ජන්කුක් එලියට ආවෙ තොල් හපාගෙන බාගෙට නිදිමතේ හිටපු ටේගෙ අවදානෙත් ඒ පැත්තට අරන්...

ඇඳ උඩ ඉන්න ටේගෙ දිහාවට වොශෘම් එකෙන් එන එලිය වැටෙද්දි ජන්කුක් දැක්කෙ ඇඳ උඩ ඉන්නෙ ටේ විතරක් නොවන බව...

ඒ වගේම තොල් හපන් වොශ්රුම් එක දිහාව බලන් හිටපු ටේත් දැක්කෙ එලියට ඇවිත් තමන් දිහා පුදුමෙන් වගේ බලන් ඉන්න ජන්කුක්ව....එක පාරටම දෙයක් මතක් වුනා වගේ කකුල් අතර බලද්දි ටේ දැක්කෙ ලා එලියෙන් වුනත් තමන් දිහා කටකොනක භයානක වියරු හිනාවක් එක්ක බලන් ඉන්න අඳුරු ආත්මයක්...

ටේගෙ ඇස් බයෙන් පිරෙද්දි එකපාරටම ගැස්සෙනගමන් නැගිටින්න ගියත් එකපාරින් ඒ ආත්මය ටේගෙ කකුලින් ඇදලා බිමට ඇද්දේ ටේව ඇඳෙන් බිමට වැටිලා ඔලුවත් බිම ඇනෙද්දි ..

" බබා !! "

ජන්කුක් කාමරේ ලයිට්ස් ඔන් කරනගමන් කෑගහගෙන ටේ ලඟට ආවේ ටේ බිම ඉඳන්ම ඔලුවත් අල්ලන් ඉකිගහද්දි...

" අ අනේ අප්පා බ් බයයි "

ජන්කුක් ටේව වඩාගෙන කිටි කිටියෙ පපුවට තුරුල් කරගන්න ගමන් ටේගෙ ඔලුව අතගාද්දි ටේත් කිටි කිටියෙ ජන්කුක්ගෙ උනුහුම් හැඩිදැඩි පපුවට ගුලිවුනේ ඉකිගහන ගමන්මයි...

ඒ අඳුරු ආත්මයක් බව දෙන්නම දැකපු නිසා මේ වෙනකොට දෙන්නම හිටියෙ හුඟක් බයවෙලා වුනත් ජන්කුක් ඒ බය පිටට නොපෙන්නුවේ තමන්ගෙ පනටික මේ වෙනකොට හොඳටම බයවෙලා ඉන්න නිසා...

" අ අනේ අප්පා ය් යන්නෙපා..මාව තනිකරන්නෙපා ඉහි"

ජන්කුක්ගෙ ශර්ට් එක අත්වලින් ගුලිකරන් හුස්ම ගන්න බැරිතරමටම අඬන ගමන් ටේ මිමිනුවේ ජන්කුක් ටේව වඩාගෙන පරිස්සමින් ලිවින් රූම් එකට යන අතරෙ..

" ශ්හ් හරි මගෙ පුතුට අප්පා ඉන්නවා හරිද...කෝ නාඬා ඉන්න මැනික.. ප්‍රොමිස් වෙන්නම් අප්පා ආයෙ මගෙ චූටිමැනිකව තනිකරන්නෙ නෑ."

ටේව උකුලෙන් තියන් සෝෆා එකෙන් වාඩිවෙනගමන් ජන්කුක් මුමුනද්දි ටේ ඔලුව වනන ගමන් ඉකිගගහම ජන්කුක්ගෙ පපුවට ගුලිවුනේ ජන්කුක් සූක්ශම විදියට මුලු ගේ පුරාම ඇස් යවන අතරෙයි...

You've reached the end of published parts.

⏰ Last updated: Jan 12, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

🚫Only Mine🚫(Taekook) Where stories live. Discover now