♕🌟10th

333 89 5
                                    

" ජියොන් ජන්ග්කුක්...."

" මොකද හියුන් කෑ ගසන්නේ..."

" කෑ ගසන්නෙද? කෑ ගැසිය යුතු නිසා... මන් කොහොම කිව්වත් දඩයමේ යන්න එපා කියලා තුන් දෙනාම අහන්නේ නෑ... දැන් ඒ මදිවට කොහෙන්දෝ ඒන්ජල් කෙනෙක්ව අල්ලගෙන ඇවිත්... ජේකේ මන් කී පාරක් කිව්වද සතුන්ට කරදර කරන්න එපා කියලා... ඒ සත්තු කැළෑව ඇතුලේ තමන්ගේ පාඩුවේ ඉන්න අසරණ ජිවිත කියලා..."

" හියුන් ඕක නවත්තගන්නවද?..."

" ජේකේ ඔයාගේ හිතේ මොනා තියේද කියලා මන් දන්නේ නෑ... නමුත් මන් අර ඒන්ජල්ට සුව වුණ වහාම ඔහුව නිදහස් කරනවා..."

" හියුන් මමයි ඔහුව අල්ලගත්තේ... මමයි ඔහුව නිදහස් කරනවද නැද්ද යන්න තීරණේ කරන්නේ..."

" එයත් එසේද?... නමුත් මන් එය කරනවා... මොකද ඒත් ජිවිතයක්... ඔහුට මේ වගේ බිත්ති වලට කොටු වී ඉන්න පුළුවන් කියලා මම හිතන්නෙ නෑ... ජේකේ තමුන් කවුරු වුනත් මට කමක් නෑ මන් එයාව නිදහස් කරනවා..."

" හරි එහෙනම් හියුන් ඕනම දෙයක් කරගන්නකෝ... හැබැයි ඔහු සුව වෙනකම් මේ මාළිගයෙන් පිට වෙන්න බැහැ...සුව වූ පසුව ඔහුට යන්න දෙන්න..."

" හරි මන් එකගයි..."

ජින් විශාල හුස්මක් පහත හෙලන ගමන් ජේකේ දිහා බලාගෙන කිව්වා.
.
.
.
.

Next day.

ජිමින්ට ඇහැරුණේ පහුවදා උදේ. ජිමින් ඇහැරිලා වටපිට බැලුවේ ඒ එයාට වෙනදා හුරු පුරුදු පරිසරේ නොවුන නිසා. ජිමින් ඇදෙන් බැහැලා ගියේ බැල්කනි එකට. වාසනාවට ඒක ලොක් කරලා නෙමේ තිබ්බේ.

ඈතින් ලස්සනට පායගෙන එන ඉර මුළු අහසම රන් පාටට හරවලා තිබ්බා. ජිමින් අහස දිහා බලලා හොද හුස්මක් ඉහලට අරන් පහලට දැම්මා. තමන්ගේ පියාපත් විහිදුවලා ජිමින් හැදුවේ ඉගිලෙන්න. ඒත් ජිමින්ට බැරි වුනා. ඒ එකපාරටම එයාගේ පියාපත රිදෙන්න ගත්ත නිසා. එයා එහෙම්ම බිමින් වාඩිවෙලා අහස දිහා බැලුවේ පියාපත් වලින් එයාව වහගන්න ගමන්. ඒ උදේ සීතල සුළං එයාගේ ඇගේ වැදෙන එක නතර කරන්න.

ජිමින් එහෙම ටික වෙලාවක් හිටියා. එයාට මොනා කරන්නද කියලා හිතාගන්න බැරුව ඔහේ බලාගෙන හිටියා. පුංචි ඒන්ජල්ගේ ඇස් වලින් ආපු කදුළු බින්දුවක් එයාගේ කම්බුලක් දිගේ ඇවිත් බිමට වැටුණා.

" ඔයා ඔය පැනලා යන්න එහෙම හදනවා නෙමේ නේද..."

එක පාරට ඇහුණ කටහඩක් නිසා ජිමින් පිටි පස්ස බැලුවේ ඒ එයාට පුරුදු ජින්ගේ කටහඩ නොවුන නිසා.

───────────────────────♕🌟

කවුරු ආවා කියලද ඔයාලා හිතන්නේ...🤗❤️

◉𝙰𝙽𝙹𝙴𝙻◉ [𝚓𝚒𝚔𝚘𝚘𝚔 |✓]Where stories live. Discover now