TRIGGER-WARNING:
අතිසංවේදී සිදුවීම් ඇතුලත් වෙන්න පුළුවන්. Pregnant කෙනෙක් විශේෂයෙන්ම කියවන්නැත්තම් හොදයි. වෙනත් කිසි යම් ම හේතුවකින් trigger වෙන්න පුළුවන් කෙනෙක් Skip කරන තරමට හොදයි.
🌼✨
" මට-.. "
" ට්‍රොලියට නෙවෙයි.. රෙදි බාස්කට් එකට බහිනවා. මං එන්න කියනකල් කට අරින්නෑ.. "
රෙන් වරුන්ගේ දෑස් දෙස බැලුවේ ඇස්වල කෘතඥතාව පුරවාගෙන ය. නෙලුම්ගේ ඉදිරියට නෙරා ආ කුසත් සමඟ ඔහු ඔසවා කිලිටි රෙදි එක් කරන ට්‍රොලිය තුල තබන්නට ඔහුට සිදු වූයේ ඔහුට තනිව නැවීමටත් හැකියාවක් නොවූ හෙයිනි. රෙන් ගේ ඇද රෙදි කිහිපයක් ද ගුලි කළ වරුන් එය රෙන් මත්තට අතහැරියේය. " දගලන්නෑ! "
" හුත්තද්ද-.. " ට්‍රොලිය තුල වකුටු වීමට සිදු වූ නිසා ද... දරුවා ප්‍රසූතියට සූදානම් නිසාද නිවැරදි පැහැදිලිකිරීමක් නොමැතිව කලලාවාරික පටලය බිදී තරලය පිටව කිලිටු රෙදි මත්තට වැටෙනු නෙලුම්ට දැනුණේ ය. ඔහු කුස දෑතින් බදාගත්තේ වෙව්ලා යමිනි.
අම්මාගේ මාලයේ රැදි පෙන්ඩනය අත්ලෙහි සිර කරගත් වරුන් ඇදෙහි වූ කොට්ට දෙකක් ගෙන ට්‍රොලිය මැද දික් අතට දිගා කර සුදු පෙරවුමකින් වසාගත්තේ ය. ඔහු පිටතට නොපෙනුන ද ඔහු විසින් සවි කරන ලද නිසා එය සැගව ඇති බිත්තියේ ඉහල කෙලවරට මැදැගිල්ල දිගු කළේය.
වෛද්‍යවරයා දැන් ප්‍රසූතිකාගාරයේ ය. ඔහු අතේ දැනට ආරක්ශිත කැමරා සෝදිසි කරනවාට බොහෝ සෙයින් බැරෑරුම් කටයුත්තක් ඇති බව වරුන් දැන සිටියේ ය.
ඔහු රෙදි ට්‍රොලිය දොරෙන් පිටතට ගෙන එහිම තබා කොට්ටා දෙකක වසාගත් ට්‍රොලිය කාමරයෙන් ශාලාව දිග ගෙන ගියේ ය. ඩෝබිවරයා පැමිණ රෙදි අදාල ස්ථානයට ගෙන යන බව නිසැක ය.
මද දුරක් ට්‍රොලිය තල්ලු කරගෙන ගිය ඔහු කොට්ට දෙක හනික ගෙන පරණ පෙට්ටි තොගයක් අස්සේ ගැසුවේය. ඔහු උගුර පෑදුවේය.
VOUS LISEZ
සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )
Science-Fictionමේක චැලේන්ජ් එකක්... ඉවසීමක් තියෙන කෙනෙකුට විතරක් ම රසවිඳින්න පුළුවන් වෙයි කියල හිතනවා මම.. ඉවසීමක් නැත්තම් අත නොතියන තරමට හොද පොතක් 🤍 Science fiction / Romance ************* " .............. ඉතින් සත්තුන්ගෙ පඩි හැලෙන එකට මං මක්කරන්නද? " " උ...