- 69 -

184 31 21
                                    

" මැනික... හෝම්ව'ක් ඉවරද? "

     " අහ්... ආ ඔව් අම්මි.. " ගැස්සී ගිය කොලුවා දුරකථනය කොට්ටය යටට එබුවේ ය.

           කාන්තා යුධ හමුදා නිලධාරිනියක වූ සුන්දර යුවතිය කාමරයට පැමිණ ඇදේ හිදගත්තා ය.

      " ඕනවට වඩා මහන්සි වෙන්න එපා බබා.. ඔයා සෑහෙන්න මහන්සි වෙනවා මේ ටිකේ.. තාත්තිත් කියනවා ඔයා අසනීප වෙයි කියලා බයයි කියල.. මටත් බයයි මැනික.. මායාන්ගෙ ස්පීඩ් එක ඔයාට අල්ලන්න අමාරුයි... "


      " ඒ වුනාට... මට මායානුයි... නෙලුමුයි එක්ක කොළඹ ඉස්කෝලෙකට යන්න ඕන.. "

      " .................. "

ඇගේ නිහඩබව අකේන්‍යගේ හිතට ගෙනාවේ බරකි. ඔහු ඇයගේ උකුලෙහි හිස හොවාගත්තේය. " ඕලෙවල් එග්සෑම් එකට කලින් නෙලුම් ආපහු එයි නේද අම්මි?.. "

      " ආවත් සිලබස් කව' නොකර කෝමද ඒ ළමයා එග්සෑම් ලියන්නෙ? "

" ..... අම්මි කාටවත්-.... නෑ.. නෙලුම් එයි.. එයාගෙ තියෙන්නෙ AI මොලයක්..  එක පාරක් මුලු පොතම කියවලා ඊලග පාර මතකෙන් මුලු පොතම කියන්න එයාට පුළුවන්.. "

      " ඔව් ඔව්... ඔයාගෙ ඔය... නෙලුම් මල එක්ක තියෙන ඔබ්සෙශන් එක වෙලාවකට මාව බය කරනවා මැනික.. හිතේ එහෙම.... එහෙම මොකුත් නෑ නෙ නේද.. නෙලුම් කියන්නෙ පිරිමි ළමයෙක් අකේන්.. ඔයාට මතක නම් හොදයි.. "


      " නෙලුම් කියන්නෙ මගෙ බෙස්ටා අම්මි... මට ඕන නෙලුම් වගේ වෙන්න... එයා ලස්සනයි.. එයා හොට්.. එයාගෙ වයිබ් එක පිස්සුවක්.. මං වගේ ගෑනු බාගයක් නෙවේ.. "

     " මොන බාගයක්?... මැනික මොකද්ද ඒ කතාව.. "

    " ........ මං ආසම පාට රෝස පාට.. මං ඇවිදින්නෙත් කෙල්ලෙක් වාගෙ.. නෙලුම් මං වගේ හෝන්තුවක් ආශ්‍රය කරන එකත් මට ලොකුදෙයක්.. "


       " බබා.. මොනවද ඔය කියවන්නෙ?! මේ බලන්න.. " ඈ ඔහු සිය උකුල මත උඩ අතට හැරෙව්වා ය. ඇස් තුල බොද වූ කදුලු කැට කම්මුලට වැටුණු සැනින් ඈ පිස දැමුවාය. " ඔයා ඔය විදියට තමන් ගැන හිතන එක.. ඒකම විතරයි මැනික ඔයාගෙ තියෙන එකම වැරැද්ද. ඔයාගෙ අඩුවක් පාඩුවක් නෙලුම් දකිනව නම් එයා ඔයාව බෙස්ටා කරගනීද... ඒකම හිතන්න මැනික. එයාගෙ ඇස්වල... මේ ලෝකෙ යාලුකම කියන වටිනා සම්බන්ධය ඇති කරගන්න මේ ලෝකෙ සුදුසුම කෙනා ඔයා. එයාගෙ හොදම යාලුවා ඔයා. නෙලුම් ඔයා ගැන ඔහොම හිතද්දි ඔයා තමන් ගැන අර වගේ හිතන එක හරිද.. මුලු ඉස්කෝලෙම ඔයාව කොයි විදියට දැක්කත්... ඒ කවුරුත් ඔයාගෙ යාලුවො නෙවෙයි නම් ඇයි එයාලගෙ වචනවලට ඔයාගෙ හැගීම් රිද්දන්න ඉඩ දෙන්නෙ? ඔයා කෙයා කරන්නෝන ඔයාට ආදරේ කරන මිනිස්සු ඔයාට ආදරෙන් දෙන ඇඩ්වයිස් එක හෝ කම්ප්ලිමන්ට් එක විතරයි බබා. නෙලුම් ඔය කියන තරම් දක්ෂයෙක් නම්.. ඔයා කියනවා වගේ මායාන්ටත් වඩා හැමදේම දන්නවනම්.. අනිත් ළමයි මොනාද දන්නෙ? එයාලව ගනන් වත් ගන්නෙපා මගෙ මැනික.. නෙලුම් කැමතිත් නෑ නෙ ඔයා ඔහොම තමන් ගැන අවතක්සේරුවට හිතනවට මැනික.. තේරුම් ගන්නකො...

සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )Where stories live. Discover now