- 68 -

182 36 31
                                    





          " මහත්තයා..."


" වාඩිවෙන්න නෙලුම්ගෙ අම්මෙ.. "

      රහල්ගේ වචනවලට අවනත වෙමින් ඈ අසුන මත හිදගත්තාය.

ටයර් මෙන් නෙරා ආ උදර මස් පිඩුවලට.. ඈ හැද සිටි හැට්ටය හැඩය ගත්තේය.

        " මොකද්ද මහත්තයො වෙන්ඩ ඕන.. " ඈ රහල් දෙසත්... හේශර දෙසත් වරින් වර බැලුවා ය.

    අති සුඛෝපභෝගී නවීන පන්නයේ නිවාසය තුල ඈට නුහුරක් දැනුණේය.

         " නෙලුම්ගෙ ඇබ්ඩක්ශන් එක සම්බන්ධව.... අපට මිස් අමාගෙන් කට උත්තරයක් ගන්න ඕන.. " හේශර නිවස තුල වූ සිය කාර්‍යාල කාමරයේ මේසය මත අත තබා ඈ වෙත නැඹුරු විය.

      ඈ ඇස් හමුවීම් ප්‍රතික්ෂේප කළා ය. හැකි පමණින් ඇස් පොලිස් නිලධාරීන්ගේ ඇස්වලින් ඉවතට ගනිමින් ජනේලයෙන් පිටතත්.. සීලිම දෙසත්.. මේසය මත වූ පෑන මතටත් විටින් විට පැන්නේ ය.

        " මං කොහෙ උත්තර දෙන්ඩද මහත්තයො.. ඌ උස්සගෙන ගියයි කියද්දි මං ගෙදර හිටියෙත් නැති කොට.."

       " නෙලුම් ඉපදෙනකොට අමා එතන හිටියනෙ.. නැත්තං.. නෙලුම් කියන්නෙ අමා හොරකම් කරපු දරුවෙක් ද..? "

     ඇය කෝප වූ බවක් පෙනෙන්නට විය. ඒ සමගම ඇගේ ඇස් හේශරගේ ඒවා මුණගැසුණි. " මහත්තයට පිස්සුද ඇත්තටම? ඔය.. වසංගතයක් උස්සගෙන ඇවිදිල්ලා මගෙ ජීවිතේ විනාස කරගන්න..- මාව පිස්සියක් වගේද මහත්තයලට පේන්නෙ? "


      " එහෙනං කොහොමද අමා... අමාගෙ දරුවයි, රෝස්මේරිගෙ දරුවයි නිවුන්නු වෙන්නෙ? එක්කො අමා රෝස්මේරිට තමන්ගෙ එක දරුවෙක් දීල.. නැත්තං අමා රෝස්මේරිගෙන් දරුවෙක් අරගෙන. ඒ එක්ස්ප්ලනේශන් එක විතරයි අපිට තියෙන්නෙ. "

      ඇයගේ ඇහිපිල්ලම්වල වේගය වැඩි විය.. ඇයට පිලිගැන්වුණු දොඩම් වීදුරුව අතට ගෙන උගුරක් බිව් ඈ උගුර පෑදුවා ය. " කවුද දැන් ඔය.. රෝස් මාරි ද.. මොකද්ද කියන්නෙ? "

      " අමාගෙ ගමේ.. හෙක්ටර් වලව්වෙ හෙක්ටර් හාමුගෙ එකම දුව අමා අදුරන්නෑ? "

සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )Where stories live. Discover now