8.යලි පිපෙයි!!

24 2 1
                                    

"අහ්...අම්මා අපේ සම්බන්දේ ගැන දැනගෙන ඉදලා...න්..නිවන්!! එයා මට එක චාන්ස් එකයි දුන්නේ!! ඉතින්...මම ඒක ඒ විදිහට පාවිච්චි කරා!!...ඒත් ඔයාව දාලා යන්න හීනෙකින්වත් හිතුවේ නෑ මම!! අපේ අම්මා...එයා මම හිතුවට වඩා ගොඩක් දේවල් කරා!! මාව...න්..නොමරා එයා මාව මැරුවා නිවන්!!"

මොහොතක් නිහඩ උන පරිසරය පවුරුගේ විලාපෙත් එක්ක බිදිල ගියා,ඒකගේ බෝල ඇස් කදුලෙන් බරවෙලා නිවන්ගේ පපුවට මහා ගොඩක් බර දෙනගමන් ඒ පපුවටම ඔලුව හේත්තු කරගත්තා,

ඇයි කාටවත් කියන්න බැරි ආදරනීය මනුස්සයා තමන්ගේ පපුව උඩ ඉකිගහන එක හරි අමාරු රාජකාරියක් කියලා තමන්ට!!

"මගේ මැණික මොනවද-"

"අම්මා...එදා එක්සෑම් හෝල් එකෙන් එලියට එනකොට අපි දෙන්නා තුරුල් වෙලා ඉන්නවා දැකලා,එයාට ඕනම දෙයක් කරන්න පුළුවන් නිවන්!! මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ!! ඔයාව- ඔයාව මරනවා කීවා!!"

පවුරුගේ ඉකිගැහිල්ල වැඩිවෙලා යනකොට නිවන් ඇස් ලොකු කරගෙන බලාගෙන උන්නා,කවුද නිකමට හිතුවේ තමාරා මේ තරම් දරුණු ගණයේ තර්ජනයක් කරාවි කියලා‍!!

"ඔයා ඇයි මට නොකීවේ??"

"ඔයාට පහුවෙනිදා කම්බයින් තිබ්බ නිසා මම මොකුත් කීවේ නෑ...සමාවෙන්න මට!!"

"ශ්ශ්...හැමදේම හරියයි පවුරු මම ඉන්නවනේ හ්ම්ම්!!"

නිවන්ගේ ස්ථීර කටහඩට පවුරුගේ හිත ගැස්සුනා,නිවන් තරහෙන් ඉන්නේ කියලා පවුරු දැන් දන්නවා,ඒ උනාට පවුරු කොහොමද ඇවිලුණු නිවන්ව නිවාගන්නේ??

"හාද්දක් දුන්නොත් තරහා ගන්නෑද??"

පවුරු නිවන්ගේ ශර්ට් එක අදිනකොට රතුපාට රුද්‍ර ඇස් ඒ බෝල තරුකැට ඇස් එක්ක එකට පැටලුනා,හාද්දක් දෙන්නද අහන්නේ?? මොන තරම් පිස්සෙක්ද??

අවසරේ නොදීම දීලා ඒ තොල් අල්ලගත්ත නිවන්ගේ අත් ඒ සිනිදු කම්මුල් සීරුවට ඇගිලි පහසින් මත් කරන හැටි පවුරු ඒ රෝසපාට ශර්ට් කොලර් එකේ එල්ලිලා බලාගෙන හිටියා,කඩවසම් පෙනුම,පරිණත පිරිමියෙක් කරලා!!

රුද්‍ර ඇස් අඩු නැතුව රතුගැහිලා,තොල්පට තමන්ගේ තොල් අස්සේ හැංගෙනකොට පවුරු එයාගේ අතැගිලි වලින් වවලා තියෙන නිවන්ගේ කොන්ඩගස් මිරිකලා අල්ලගත්තා,

රිදීරෝස | slow update | TKWhere stories live. Discover now