" තේජාන් අයියා "
අරුන් කියන ශාරුක් මොකාද කියල බලන්න ඒ පැත්තට හැරෙද්දි මෙන්න මේකා ගගනගාමියා වගේ දාගෙන හිටිය හෙල්මට් එකත් ගලවලා සොනික් වගේ අපේ පැත්තට ආවෙ නැතෑ....මුට මොන කුලප්පුවක් ගහලද ඒ පාර.....හුටා....මන් ඊයෙ යවපු මැසේජ් ටිකටද දන්නෑ මූ මේ පන්දමත් අරගෙන පිටියට එන්නෙ...වරෙන්කො අයියෙ මන් බය නෑ ඔය ගෑස් වලට......
" නෙතූෂ් ???"
මේන් මේකා මන් ගාවට ඇවිත් මගෙම නම අහනව....මුට ට්‍රැකද එහෙම නැත්තන් ට්‍රැක් වගේ රඟපානවද..... ඔච්චර ඉක්මනට මගෙ නම අමතක වෙන්න මූ අඟහරු ලෝකෙන් ආවා ඈ....
" තමුසෙට.....පොඩ්ඩක් අරහෙට එන්න පුළුවන් ද"
මේ මොකද මේ....ඇයි මාව පැත්තකට ගෙනියන්නෙ...කියන රෙද්දක් ඇයි මෙතනම කියන්න බැරි....අහෝ.....මූ මා දූෂණය වත් කරන්න යනවද...යා නෙතූෂ් මොනාද මේ ඔයා හිතන්නෙ....ඔයා සිරිලංකන් යක්ඛ පුතෙක්....මේකා එහෙම කරනකන් මන් නිකම් ඉදීද....
" පුළුවන් අයියෙ...ඒත් ඇයි...."
මන් ඉතින් එහෙම මනුස්ස කමට හිනාවෙලා කියද්දි මෙන්න මේකා මට රවනවා...මොන මගුලක්ද මන්දා...පොඩ්ඩක් හිනා උනා කියල ඔය කට ගෙවෙනවද මිනිහො...
" ඒකෙන් තමුසෙට වැඩක් නෑනෙ...කිවුවම අහල එනව...."
මාත් ඉතින් මේකගෙ පස්සෙන් ගියා..ඇයි මෙයා දැන් මාවත් ඇදගෙන ග්‍රවුන්ඩ් එක පැත්තට යන්නෙ...මේකා මුකුත් කියන්නෙ වත් නෑනෙ මහ ගස්බිල්ලෙක්....ගෝනිබිල්ලා.....
" තමුසෙට ඇත්තටම වෙන වැඩ නැද්ද "
මේකා මේක අහන්නද මාව පැත්තකට එක්කන් ආවෙ...අනේ අම්මප....ඇත්තටම මුට වෙන වැඩ නැද්ද.....
" ඇයි "
මාත් ඉතින් එයාගෙ ස්ටයිල් එකටම පැන්නා...ඇයි යකෝ ගරු කරන්නෙ මොකටද මන් මුට...
" ඇයි අහන්නෙ....මොනාද ඊයෙ යක්කු ගස් නගින වෙලාවෙ තමුසෙ කර් කර හිටියෙ "
මොනාද මේකා මේ අහන්නෙ....මාත් ඉතින් ආතල් ගන්නෙම නැති කොල්ලනෙ....
" යක්කු ගස් නගින විදිය බලන් හිටිය....."
" ආයිශ්...මී හරකො..."
YOU ARE READING
~අනුරාගික සිත්~ || BL || Nonfic ✔️
Non-Fiction" දන්නවද අභී..! එයා හරියට වැස්සක් වගේ...!" " වැස්සක් !?...'' '' ඔව් වැස්සක්...එයාගෙ ආදරෙත් හරියට වැස්සක් වගේ...කාලයක් මාව ඒ වැස්සෙන් තෙම්මලා....එයා යන්නම ගියා..! මගෙ ජීවිතේ කාන්තාරයක් කරලම..!" " මට බැරිවෙයිද ඒ වැස්ස වහිනකම් බලාගෙන ඉන්න කාන්තාරයට වැට...