කලුපාට දූවිලි වලා කොළඹ අහස වට කිරලා සීරුවට පියාඹගෙන ගියේ කොච්චර නාගරික උනත් පාරිසරික වශයෙන් දූෂිතයි කියලා ඔප්පු කරන ගමන්,කොළඹ කියන්නේ සීතල හුස්මක් නහයට නොවදින බිල්ඩින් විතරක් පිරුණු එක විදිහක විකාරයක්,
හවස හතට හත හමාරට වගේ යාන්තමට කළුවරවීගෙන එන අදුර පාතාල සීන් එක එක්ක පට්ටෙටම ගැලපෙන්න ගත්තා,ඩිස්කෝ සද්දේ එක්ක පැලෙන්න සද්දේ එන තැනක් වටේට කලුපාටට ඇදගත්ත ගාඩ්ලා සෙට් එකක්ම බකමූනෝ වගේ බලන් හිටියා,නෑ ඉතින් වෙන කියලා මොකක් කරන්නද ඒ මිනිස්සුත්??
කලුපාට ඩිෆෙන්ඩර් එකෙන් බිමට පැන්න මූණ වහගත්තු එක තරුණයෙක් වේගෙන් අඩිතියමින් ක්ලබ් එක ඇතුලට හරි හරියට දිව්වා,ඔව් එයා හරි වේගෙන් දුවගෙන දුවෙන ගියා,හරියට මේ දැන් මාරයා එයාගේ පස්සෙන් වේගෙන් වේගෙන් එලවගෙන එනවා වගේ,
හරිම හදිස්සියෙන් දීව කොල්ලා කවුන්ටර් එකෙන් එයාගේ පර්සනල් රූම් එකේ යතුරත් අරන් බර අඩි තියමින් දීවා,කිසිම ආරක්ශාවක් නැතුව භයානක විදිහට මේ වගේ තැනකට එන්න තරම් හයියක්?? ඔව් ඒක සමහරවිට එයාට උරුම දෙයක්ද දන්නැහැනේ,
කලබලේ නිසාම හරිම අමාරුවෙන් යතුරු කට්ටට වෙව්ලන අතින් යතුර දාන්න දගලනකොටම පුදුමෙට වගේ ලොකු කරලා තියෙන කාමරේ එකපාරටම හැන්ඩ්ල් එක කැරකිලා ඇරිලා ගියේ කොල්ලගේ ඇස් තවත් බයෙන් වෙව්ලනකොට,
වෙව්ලන්න ඕනේ,ගැහිලා ගැහිලා වෙව්ලලා මැරියලා යන්න ඕන,මොකද ඉස්සරහ එයා දිහා බලන් ඉන්න මෘග ඇස් හරිම කැත විදිහට කොල්ලා දිහා බැලුවේ 'උබ ඔහොම බලන් ඉන්නේ අද විතරයි' කියන්න වගේ,හරිම සාර්ථක තර්ජනයක් නිසා කොල්ලා වෙව්ලමින් හිටියා,
"කොහොමද සප්රයිස් උනාද??"
ආව කොල්ලගේ කොලර් එකෙන් ඇදලා දොර ලොක් කරපු කෙනා එහෙම අහනකොට කොල්ලා ඒ දිහා බලාගෙන හිටියා,හුස්ම හිරවෙන ස්ප්රයිස් එකක් දුන්නම ඔහොම බය නොවී ඉන්නෙ පුළුවන් කාටද කියලා කරුණාකරලා මට කියන්න,
"ම්..මේ...ඔ..ඔයා...ක්...කේශ්වි??"
"හහ්...කේශ්වි?? සීරියස්ලි....කේශ්වි නෙවෙයි උබේ මාරයා මම!!"
YOU ARE READING
රිශ්වි | onhold
Fanfictionසෙල්ලම් කරලා දිනන කෙනෙක් දැකලා ඇති, මේ රිශ්වි සෙල්ලම් කරන්න දීලා දිනන කෙනෙක්!!.. විශ්වාස නැද්ද?? බලාගෙන ඉන්න!! වැරැද්දක් කරානේ, අනිවාර්යයෙන් විදවනවා!! taekook nonfiction