The aim 🏎️ ඉලක්කය

163 16 248
                                    

දේදුන්නක් පාරේ -මැද වාගේ
මයෙ අම්මා
ඔය ලස්සනයි මාරයි -හද හාරයි
සොලවම්මා
දෙව්ලිය සිරියාවයි -දඟකාරයි
මත් වෙම් මා
දීගෙට කල් වේලයි - මනමාලයි
මං කෝ උම්මා

දේදුන්නක් පාරේ - මැද වාගේ
මයෙ අම්ම්....//

"සෝමේ ඕක නවත්තපන් හිකනලෝ"

දැන් පැයක විතර ඉදන් සිංදුවේ එකම කෑල්ල අල්ලන් සෝමේ දුක් විදිනව බලන්න තියෙන අකමැත්තටම වෙන්න ඇති ප්‍රේමේ කෑගහනවා දැන් ඇති කියලා .
ඒත් මං දන්නව අද ඕකාට ඔය සිංදුව ඔක්කාරෙට එනකම්ම අහන්න ඕනි .

සෝමසිරි , ප්‍රේමසිරි ! මං දන්නෙ නෑ ඇයි මුන් දෙන්නා මේ වගේ නම් දෙකක්ම දාගත්තේ කියලා.
අඩුම බැරි උනාද ටිකක් වැදගත් නම් දෙකක් දාගන්න මං අහන්නේ ?

හැබැයි මට ඕවෑන් වැඩක් නෑ . වැඩක් තිබ්බත් මං අහන්න යන්නෙ නෑ . මොකද අන්තිමට ඕකුන් දෙන්නා හොඳ වෙලා මං නරක් වෙලා මගෙ රෙදි ගැලවෙන එකයි වෙන්නෙ.

" උබ නම් කියයි. යකෝ කැම්පස් කියලා පුණ්‍ය භූමියකට පය ගැහුව මුල් තප්පරේ ඉදන් මෙහෙම රැග් වෙන පළවෙනි මනුස්සයා මං වෙන්න ඇති. සින්නො කියන පාපකාරී හැත්ත හින්දනෙ මේ ඔක්...ආවුච්...ම්හ්ක්"

හැමදාම වගේ කුකුල් කේන්තියක් හින්දා සෝමේ පුටුව පල්ලෙ වැටෙද්දි ප්‍රේමේත් සුපුරුදු පරිදි ගිහින් අරූගෙ කිහිලි දෙක අස්සෙන් අත් දාලා ආයෙම පුටුව උඩට ඇදලා දැම්මා.

දැන් ඉතින් සෝමේ ඉන්නෙ දොන්තයා වගේ .

පුටුවෙන් වැටුනාම හැම පාරම මූ හැසිරෙන්න දොන්තයෙක් වගේ . ඇයි කියන්න දන්නෙ නෑ මේකා පුටුවෙන් වැටුනොත් කරන්නෙ තොල් දෙක උල් කරන් පොළොව එක්ක කෝලම් කරන්න ගන්න එක.

එක්කො වැටෙන හැම පාරම මුගෙ වයර් ෂෝට් එකක් වෙනව. නැත්තන් මුට පොළොව මුගෙ ගෑණි වගේ පේනවා.

මූව ආයේ යථා තත්වෙට ගන්න නම් ඔලුවට දාර ඩෑස් එකක් දීලා අදින්නම ඕනි.

ඉතින් මූ වැටෙන වැටෙන පාරට ප්‍රේමෙගෙ වැඩේ ඔලුවට ගහන එක.

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.
₣ORMULA 1 🔥💚♥️ \ō͡≡o˞̶ f1ꔮ  (yιzнαɴ / ɴoɴғιcтιoɴ)   Short  Story 🤏Dove le storie prendono vita. Scoprilo ora