පළමු කොටස

133 20 3
                                    

මද්‍යාන සූර්‍යා කාශ්ටක පොළව මතුපිට තම ආධිපත්‍යය පතුරුවමින් උනුසුම් සූර්‍ය කිරණ විසිරුවමින් සිටියේ පෘථිවි ජීවින්ගේ සාමාන්‍ය ජීවිතය කෙතරම් කාශ්ටක වුවද එය දරාසිටිමට සිදුවන බව නොපැකිලිව කොළඹ අහසට කියනගමන්

බිම්කඩ ප්‍රමාණයෙන් විශාල රෝහල් ගොඩනැගිල්ලක් ඇතුලේ මේ වෙනකොට තිබුනේ ටිකක් කළබලකාරී තත්වයක්,ඕනවටත් වඩා විඩාවට වැටුණු මිනිස්සු,දුවනපනින හෙදියන් වෛද්‍යවරයන් ~

ඔහ්....තව මැරයන් කිහිපදෙනෙක්~ මම කියන්නේ ගොඩක් එතන ඉදගෙන හිටියා!!දැඩි නිහඩතාවයකට පස්සේ එතනින් වීදුරුවක් බිදෙන සද්දයක් ඇහුනේ රෝහල් පරිශ්‍රය තුල හිටපු සියලුම පුද්ගලයින්ගේ දෙනෙත් යම්තාක් මහත්ව පුදුමයකින් පිරිලා යනකොට~

"ඒයි....ඔහේ කියන්නේ අපිට ඌව දෙන්න බෑ කියලද?? එන්න කියනවා ඌට!!"

දැඩි ඉවසීමෙන් බලාගෙන හිටියා වගේ දත්මිටිකාගෙන බලාගෙන හිටපු කොන්ඩේ ටිකක් පොකුටු උඩු රැව්ල වැවුණු මනුස්සයෙක් කෑගහනකොට එතන හිටපු හෙදිය බයටම මේසෙට බර උනා,

"අපිට සමාවෙන්න මිස්ට ඒ උනාට පේශන්ට් ට ගොඩක් අමාරුයි එයාට-"

"ශ්හ්හ්හ්....තමුන් දන්නවනේ කාගේ මිනිස්සු එක්කද තමුන් මේ කටගහගෙන එන්නේ කියලා...මැරෙන්න ආසාවක් නැත්තම් අරන් වරෙන් ඌව!!"

හෙදිය විශාල වෙව්ලීමකට ලක් වෙනවත් එක්කම වේගෙන් ඔලුව දෙපැත්තට වැනුවම වාට්ටුවක් කෙළවරේ ඇදේ වැතිරිලා හිටපු මෘග ඇස් දෙකක් එකපාරටම ඇරුනා,වෙහෙසකර හුස්මක් පාත දාපු ඔහු කකුල් හොල්ලලා ඇදේ ඉදගත්තේ ගොඩක් අමාරුයි කියලා මවාපපු එක බොරුවක් කියලා ඔප්පු කරනගමන්!!

අතේ ගහලා තිබුණු කැනියුලා එක පැත්තකට ඇදලා විසික් කරලා දාපු සාමාන්‍ය මනුස්සයෙක්ට වඩා පිරුණු ඇගක් තිබ්බ,උසින් වැඩි ඒ තරුණයා කොණ්ඩේ පිටිපස්සට අත තියලා කොණ්ඩේ ගසලා 'මොන විකාරයක්' ද කියන්න වගේ ඔලුව ගැසුවා,

"හහ්....පේන විදිහට තාම යහතින් වගේ??"

"ඇයි ඔහේ බයද?? මම යහතින් ඉන්න එක ගැන??"

ඇදෙන් බිමට පැනලා ශර්ට් එකේ බට්න් දෙකක් පන්නලා උරහිසෙන් පහලට ඇදපු ඔහු මෘග ඇස් වලින් සමච්චලයට වගේ හිනා උනේ කිසිම දෙයක් ගනන් ගන්නේ නැති මූනක් පෙන්නන ගමන්!!

රිශ්වි | onhold Where stories live. Discover now