50 🌹

1.6K 179 202
                                    

දකුණු අත ටෙරාන්ගේ දකුණු අතේ පටලවගෙන වම් අත ඇදෙන් තියලා අත උඩ නිකට තියාගෙන අභිත් දිගටම ටෙරාන්ගේ මූණ දිහා බලාගෙන කල්පනා කර කර හිටියා

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.


දකුණු අත ටෙරාන්ගේ දකුණු අතේ පටලවගෙන වම් අත ඇදෙන් තියලා අත උඩ නිකට තියාගෙන අභිත් දිගටම ටෙරාන්ගේ මූණ දිහා බලාගෙන කල්පනා කර කර හිටියා. පැය හතරෙන් හතරට ටෙරාන්ව චෙක් කරන්න එනවා කිව්ව නර්ස් ටිකකට කලින් ඇවිත් ටෙරාන්ව චෙක් කරලා ගිය නිසා වෙලාව පාන්දර 3 පහුවෙලා ඇති කියලා අභිත් හිතා ගත්තා.

ඇස් පියවෙන්නම දගලද්දි අභිත් නැගිටල washroom එකට ගිහින් මූණ හෝදගෙන ආවා. ඊයේ උදේ ඇදුම පිටින් තාමත් ඉන්න අභිත් හොදටම හෙම්බත් වෙලා හිටියත් දැන් ටෙරාන් ළගින් එයාට තියන්න තරම් විශ්වාසවන්තයෙක් නැති නිසාත් , එයා මෙතන නැති අතරෙ ටෙරාන්ට සිහිය ආවොත් ටෙරාන්ට දුක හිතෙයි කියල හිතුණු නිසාත් ටෙරාන් ගාවටම වෙලා ඉන්න අභිත් තීරණේ කරා.

විනාඩි දෙකට මූණ හෝදගෙන ආව අභිත් Mini fridge එකෙන් කූල් වතුර බෝතලේකුත් අතට අරගෙන ඇවිත් ඇදේ වම් පැත්තෙන් ඉදගත්තා. බැන්ඩේජ් කරලා තියන ටෙරාන්ගේ වම් අත හිමීට අත ගෑව අභිත්ට එයාට මොකක් හරි දෙයක් මතක් වෙන්න යනවා ආයෙ අමතක වෙනව වගේ ඔළුව ඇතුළෙන් හෙන විකාර යුද්ධයක් සිද්ධ වෙනවා වගේ දැණුනා. ඔය ගැන හිත හිත ඇද උඩ ඉදගෙන ටෙරාන්ගේ ඔළුව අත ගගා හිටිය අභිත්ට අමතක වෙලා තිබ්බ වැදගත්ම දෙයක් එකපාරටම මතක් වුණා.

Phone එක අතට ගත්ත අභිත් වෙලාව පාන්දර හතරයි කියන එකත් අමතක කරලා කලබලෙන් වගේ රවීට කෝල් එකක් ගත්තා. රවිශාන් කියන්නෙ අභිත්ගේ පොඩි කාලේ ඉදන්ම යාළුවෙක් උනත් සාමාන්‍ය පෙළින්ම පාසල් ගමන නතර කරපු දැන් ලොකු පාතාලා කාරයෙක් ගාව වැඩ කරන දෙවැනි මට්ටමේ මැරයෙක්.

මහපාන්දර උනත් පළවෙනි call එකෙන්ම රවී අභිත්ගේ call එක answer කරා.

" හෙලො රවී... "

අභිරන් 🌹 | Sinhala BLKde žijí příběhy. Začni objevovat