- 30 -

414 59 27
                                    

♡♡♡♡♡♡♡♡♡♡♡


     " පහළ කොටුවෙ තිබිච්චි අන්නාසි ගෙඩිය මොකෙද්ද හොරාට කඩලනෙව! අම්මපා අත කඩනවා අහුවුනානං. " අත්තා උදැල්ල උරහිස මතින් ගෙන මිදුලේ තබා ගෙට ගොඩ විය.

    " ගැටයෙක් පෙරේතකොමට කඩාගෙන කන්ට ඇති. ඕක ගැන ඒ හැටි කේන්තිගන්ඩ කාරි නෑ.. " තේ කෝප්පයක් අතැතිව එලිපත්තට ආ බිරින්දෑ හකුරු කෑල්ලක් සමග එය ඔහුගේ අතේ තැබුවාය.

    " ගැටයෙක් මොකටද බොල ගැටයක් කඩං යන්නෙ පෙරේතකොමට?!.. මොකියක් හරි තදියම වැඩිවෙච්චි එකියක්ගෙ කෙරුවාවක් වෙන්ටෑ. "

     " අප්පේ.. පව්කාර ගෑනු. " කාන්තාව කම්මුල මත අතක් තබාගෙන සුසුම් ලෑවාය. මිදුලේ ලෑලි බංකුවේ හිදගෙන වරලස පීරන දියණිය දෙස ඈට බැලුණේ ඉබේට ය. ඇය බලහත්කාරයෙන් බිම බලාගත්තාය.

    ඒශ්වර්ගේ ද, ඔහු අනුගමනය කළ නෙලුම්ගේ ද බැල්ම අම්මා වෙත ම එල්ල විය.

    නෙලුම් ඔහුට කතා නොකර ගෙවුණු කී වෙනි දිනයදැයි ඔහු ගැන්නේය. ඔහුගේ හදවතට වේදනාවක් දැනුණි.

           නෙලුම් හදිසියේ මිදුලට පැන්නේය. දෙකට නැවී කලවා මතට බර වූ ඔහු ඔක්කාරය සමග වමනය දමන්නට පටන් ගත්තේය.

    " ආහ් ආහ්! තව කාපියව් සියඹලා කැටිය! උදේ පින්න මැකෙන්නත් කලියෙං හිස්බඩ වට්ටියකින් එකක් ඔඩොක්කුවේ තියාගෙන දෙසාබානවා මං බලාගෙන! " අත්තා සැරවැර කළ ද ගෙතුලට ගොස් අසමොදගම් බෝතලය ද ගෙනාවේය.

     " එපා. "

" බීපං අප්පිරියාව නැති වෙන්ඩ! "

    නෙලුම් මුඩියට දමා දුන් අසමෝදගම් ස්වල්පය කටට හළාගත්තේ ය. උගුර කාරාගෙන සැර රසය අන්නසෝත්‍රය දිග පහළට ගලා ගියේය.

     " ගෑස්ටික් වෙන්ටෑ. ඕකාට උදේට බත් කටක් ගිල්ලනවට වඩා ලේසි වැලි මිරිකලා තෙල් ගන්ඩ..! " අත්තම්මා පැවසුවාය. "  කිව්වට අහන එකාලා යැ.. "


       ඒශ්වර් වතුර කෝප්පයක් ගෙනැවිත් කට සෝදාගන්නට ඔහුට ඉඩ දුන්නේය. ඔහු නෙලුම්ගේ කොන්ද අතගෑවේය. නෙලුම් බිමට රැව්වත් උදව් ද ප්‍රතික්ෂේප නොකළේය.

සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )Where stories live. Discover now