දෙකන්සෙන් දහදිය ගලා ගියේය. හිරු හිස මුදුනේම වාගේ බැබලුණි.
නෙලුම් නොමැතිව පාසලේ සිට නිවෙස දක්වා යන දුර ගව් ගණනාවකින් දික් වී ඇති බවක් දැනුණි. හුළං පහරට පාරේ දුහුවිලි ඇවිස්සී ඇස් වේදනාවට පත් කළේය.
අම්මා පෙර දින සන්ධ්‍යාවේ නෙලුම්ගේ සුවදුක් බැලීමට අකේන්‍ය සමඟ ගියාය. ඔහු ශාරීරිකව සුව අතට හැරෙමින් සිටි බවක් පෙනුණේය. එහෙත් ඔහුගේ මානසික තත්වය ගැන කිසිවෙකුත් විශ්වාසයක් නොතැබූහ. ඈත කදුකරය දෙස බලා හිදිනවා හැර ඔහු කළේ හුස්ම ගැනීම පමණක්දැයි අකේන්‍ය සැක කළේය.
" අද Bestie නෑ වගේ... " කන අද්දරම නතර වූ මෝටර් බයිසිකලය අකේන්‍ය මදක් සසල කළේය. " යනවද? "
අභිලාශ්ගේ කට කොනක සිනහවක් රැදුණේය. අකේන්‍ය ඒ දීප්තිමත් දත් දෙපලට වෛර කළේය. දෑත් ඉඟ දෙපස මිට මෙළවුණේය.
" C'mon, මාව දන්නැද්ද? චූටි අයියගෙ ක්ලාස්මේට් කෙනෙක් මං. අභිලාශ්. "
" දන්නවා. "
" Hop on. මම එහෙ යන්නෙ. "
ආරක්ෂක හිස්වැස්ම අකේන්‍ය වෙත දිගු කෙරුණි. ඔහු ඉවතට හැරුණේය. කම්මුල් රත් පැහැ ගැන්වුණි. හදවත කෝපයෙන් ගිනිගත්තේය. පූට්ටු වන තරම් තද වූ දත් ඇදි අතරින් පිට වු වචන අභිලාශ්ට ඇසුණු නෑසුණු ගණන් ය.
" නෙලුම්ගෙ රේපිස්ට්.. "
" ...? " එන්ජිම නැවතී ගියේය. අභිලාශ් දෙපා මතට පැන්නේය. " මොකද්ද? "
" නෙලුම්ට කරපු දේට තොට හොදක් වෙන්නෑ. " අකේන්යගේ කම්මුල් දිගේ කදුලු කඩා හැලුණේය. ඔහුගේ හඩ වැව් තාවුල්ලේ දෝංකාර දුණි. " උබ වගේ තිරිසන්නුත් පොළව පලාගෙන යන්නැත්තං අපායක් කියල දෙයක් තියෙනවා කියන එකත් මට දැන් සැකයි. ඒ අහිංසක කොල්ලට ඔහොම කරලා උබට මොනාද ලැබුණෙ?! "
අභිලාශ්ගේ තොල් මත සුපුරුදු සිනහව රැදුණි. ඔහු සතුටින් බොරලු කැටයකට පයින් ගැසුවේය. වැව් දිය තුලට පැන්න ගල 'ජබ්' හඩින් වැව් දිගේ එබී ගියේය. " ආ.. එයාගෙ නම නෙලුම් ද? නෙලුම් මැණික.. " වචන තොල් අග රෝල් කෙරුණේ ගැලපීම සනාථ කරගන්නා අරමුණෙනි. ඔහු කිහිප වරක් තොල් මැතිරුවේය. " නෙලුම් ටිකක් මුරණ්ඩු වැඩී. නම අහගන්න මාර කට්ටක් කෑවෙ.මල්ලි කියනකල් එයා කිව්වෙ නෑ. " අකේන්‍ය බිමට රැව්වේය. රෝස කම්මුල් කෝපයෙන් පිම්බී ගොස් ය.
CITEȘTI
සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )
SFමේක චැලේන්ජ් එකක්... ඉවසීමක් තියෙන කෙනෙකුට විතරක් ම රසවිඳින්න පුළුවන් වෙයි කියල හිතනවා මම.. ඉවසීමක් නැත්තම් අත නොතියන තරමට හොද පොතක් 🤍 Science fiction / Romance ************* " .............. ඉතින් සත්තුන්ගෙ පඩි හැලෙන එකට මං මක්කරන්නද? " " උ...