- 11 -

445 71 10
                                    

නාදුනන තරුණයා නෙලුම් හා අකේන්‍ය කුඩා පැල්පත දෙසට රැගෙන ගියේය. අඩිපාර හුරු වූයේ අකේන්‍යට පමණක් හෙයින් ගමනට වැඩි කාලයක් ගත විය.

     " මල්ලි කවුද? "

   අකේන්‍ය ඔහු තමාට වඩා ලාබාල බව දැනගත්තේ ඔහු අකේන්‍ය ඇමතූ ආමන්ත්‍රණය නිසා ය. ' අකේන්‍ය අයියා '

      නමුත් මේ නෙලුම්ගේ පවුලේ නෑදෑයෙකු හෝ හිතවතෙකු වන්නට ඇතැයි අකේන්‍ය උපකල්පනය කළේය.

     " මං ද?.. " ගල් පොත්තෙන් පහළට බසින්නට නෙලුම්ට උදව් උවමනා විය. ලාබාල තරුණයා ඔහු උරහිස මතට ගෙන පහළ පස් කන්ඩිය මත තැබුවේය. නෙලුම්ගේ කම්මුල් වල රත අදුරු ආකාසයට වසන් විය. කිසිවෙකුත් නොදුටුවේය.

      " අපේ තාත්තා මැරි කරන්න ඉන්නෙ නෙලුම්ගේ අම්මව.. අකේන් අයියා.. "

    " ආහ්... "

     ගමනේ ඉදිරිය නිහඩ විය. අයියාගේ වාහනය නෙලුම්ගේ නිවසට හැරෙන ගුරු පාරේ නතර වී තිබුණි. අකේන්‍ය ගොස් එයට නැංගේ නෙලුම් කඩුල්ල පනින තෙක් බලා සිට ය. අයියා කන්කෙදිරි ගෑව ද එය දුරදිග ගෙන නොගියේය.

       " ආහ්... ඔය එන්නෙ.. අම්මා කීවෙ මුට කෙලින් කටින් හිටගන්න බෑ කියලනෙ. මේ අපූරුවට රස්තියාදු ගහලා ගහලා එන්නෙ! " ගෙට ගොඩ වන්නට පෙර එලිපත්තෙන් ඇසුණු කාන්තා හඩ නෙලුම් නැවැත්තුවෙ ය. ඔහු අඩියක් පස්සට තැබුවේය. කාන්තාව අඩි කිහිපයක් තබා ඔහු ලඟට ආවාය.

       " තෝ කොහෙද පරයො ගියෙ?! "

    " ආහ්.. " නෙලුම්ගේ කන මුදුවක් සහිත ඇගිලි දෙකක් අතර සිර විය. ඈ ඔහුගේ කනින් ඇද ඔහු සෙලෙව්වේය.

" අම්මා.. නෙලුම් අයියට කලන්තෙ වගේ ඇවිත් ටිකක් වාඩිවෙලා ඉදලා.. ගෙට යන්න දෙන්නකො.. "

     " කලන්තෙ?! " කම්මුල හරහා පහරක් වැදුණේය. " තොට කලන්තෙ නම් මොකටද බල්ලො දඩාවතේ යන්න තියාගත්තෙ?! ගෙට වෙලා ඉන්න එපැයි! තෝ හින්දා මට ගෙට ගොඩවෙන්නත් කලින් බැනුම් අහන්න වෙලා, ඉදලා ඉදලා එන්න තිබ්බෙ මෙතන විතරයි ඒකත් මට නැති කරලා තෝ! " ඇය කෑගැසුවාය.

සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )Where stories live. Discover now